කොරෝනා වෛරස් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් සුරාබදු මෙහෙයුම් මැදිරිය
සති දෙකක කාලයක් සදහා වසා දමා තිබේ.
 
රජය පවසන පරිදි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් රාජගිරිය, කෝට්ටේ පාර, අංක 353 ලිපිනයේ පිහිටි සුරාබදු මුලස්ථානයෙහි නිලධාරීන් කිහිප දෙනකුට කොවිඩ් 19 වෛරසය  වැළදී ඇත.
 
ඒ හේතුවෙන් සුරාබදු මෙහෙයුම් මැදිරියෙහි කාර්යමණ්ඩලය එම ආසාදිත රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම නිසාවෙන් එකී මෙහෙයුම් මැදිරිය දින 14 ක් දක්වා වසා තබා එම කාර්යමණ්ඩලය ස්වයංව නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද උපදෙස් අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නියෝග කර ඇත.
 
ඒ අනුව මහජනතාව සඳහා සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ දැනුම් දීම පිණිස පැය 24 පුරා විවෘතව තබන ලද 1913 දුරකථන අංකය සහිත සුරාබදු මෙහෙයුම් මැදිරිය 2021 අප්‍රේල්  23 වන දින දක්වා වසා තැබීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්), කපිල කුමාරසිංහ නිවේදනය කර තිබේ.
 
එසේ වුවත්, විවිධ ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ තොරතුරු සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහා මහජනතාවට විවෘත කර තිබූ 1913 කෙටි දුරකථන අංකය වෙනුවට 2021 අප්‍රෙල් 23 වන දින තෙක්  071 6345291, 071 3108507, 071 8122333 දුරකථන මාර්ග විවෘතව තැබෙන බව රජය ජනතාවට දැනුම් දෙයි.
 

 

 


 

 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්