පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළුව අවි ආයුධ වෙළඳාම

සහ තවත් බරපතල චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන සංජීව සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව ඇතුළු 11 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ ය.

 
ඒ, නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
 
සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය කිරීම, LTTE සංවිධානය විසින් පසුගිය යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ  ක්ලේමෝ බෝම්බ, ටී-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් ගොඩගෙන කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රහසිතගව ප්‍රවාහනය කර, පාතාල කල්ලි සාමාජිකයින්ට අලෙවි කිරිම සහ ඒවා මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ ඔවූනට නඩුව පවරා තිබුණි.
 
කෙසේවුවද මෙතෙක් කළ විමර්ශන අනුව, ඔවුන් 11 දෙනාට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්, සෙසු සැකකරුවන් 4 දෙනාට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට පියවර ගන්නා බවත්, පෙන්වා දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේ ය.
 
වත්තල ප්‍රදේශයේදී ගිනි අවියක් සමග අත්ඩංගුවට ගත් හිටපු LTTE සාමාජිකයෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ගනේමුල්ල සංජීව ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන වසර දෙක හමාරකට ආසන්න කාලයක් ඔවුන් රැඳවුම් නියෝග යටතේ සහ රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශනය සිදු කරනු ලැබිය.
 
මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විට ගනේමුල්ල සංජීව වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් භාරයේ පසුවිය.

 

 


 

 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්