පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාන්ඩ දෙකක් යටතේ ආනයනයට ඉඩ ලබාදෙමින් මුදල් අමාත්‍ය,
අගමැති මහින්ද රාජපක්ෂ විසින් 2021 අප්‍රේල් 06 දිනයෙන් යුතුව නිකුත්කර ඇති ගැසට් නිවේදනයක් මේවනවිට ප්‍රකාශයට පත්ව ඇත.
 
අගමැතිවරයා එවැනි ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, පාම්තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සියල්ල තහනම් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් අප්‍රේල් 5 දා නිවේදනය කර තිබියදීය.
 
ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයට අනුව අපනයන ආනයනය පාලකතුමියද සියලුම පාම් තෙල් ආනයනයන් තාවකාලිකව තහනම් කළ බව අප්‍රේල් 5 දාම නිවේදනය කර තිබිණ.
 
කෙසේවුවද, නැවතත් අප්‍රේල් 10 දා ජනාධිපති මාධ්‍යය අංශය විසින් නිවේදනය කර සිටියේ, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය ස්ටියරිං ආනයනය තහනම් නොකළ බවයි. 
 
දේශීය බේකරි සහ කෙටි ආහාර නිෂ්පාදනයන්ගේ සහ ආයෝජන මණ්ඩල කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට රජය කන් දුන්නාද?
 
Gazzet 1

Gazzet 2Gazzet 3

 
 
පාම්තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරණ පණතට ආදේශ කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 28 දරණ පණත්වලට අදාළව 2021 - අප්‍රේල් 06 දින පාම්තෙල් ආනයනය සම්බන්ධව නව රෙගුලාසි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කර ඇත.
 
කිසියම් අර්බුදකාරී සහ අවිධිමත් ආකාරයට ජනාධිපති මාධ්‍යය අංශය සහ ආනයන සහ අපනයන පාලකවරිය විසින් නිකුත් කරන ලද රෙගුලාසි සියල්ල මෙම ගැසට් නිවේදනය මඟින් පැහැදිළි කර තිබේ.
 
ඒ අනුව පාම්තෙල් සහ ඒ ආශ්‍රිත භාණ්ඩ කාණ්ඩ අංක 2 ක් යටතේ ආනයනය කිරීමට හැකිවන ආකාරයට ලිහිල් කර ඇත.
 
මේ අනුව පාම්තෙල් පරිහරණය සෞඛ්‍යයට අහිතකර යයි ජනාධිපති කළා යයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ  ප්‍රකාශය නිශේදනය වේ.
  
අදාල ගැසට් නිවේදනය අනුව, 
 
පළමු ඛාණ්ඩය යටතේ භාණ්ඩ තුනක් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. (Banded) එය ගැසට් නිවේදනයේ B වශයෙන් සලකුණු කර ඇත. - එනම් 
 
(1)
 1511.10.00  - පිරිපහදු නොකරන ලද 
 
Crude Palm Oil -      (B)
 
1511.90.00 අනෙකුත් (B) 
 
1511.90.20 - ලීටර් 210 ක් ඇසුරුම් කරන ලද පාම් තෙල් (Jerry Can).     (B) 
 
1511.90.90  සම්පූර්ණයෙන්ම පිරිපහදු කරන ලද RBD' PALM Olein හැර අනෙකුත්    (B)
 
 
 
(2) ලේඛනය. 
 
 
පහත සඳහන් කරන ලද පාම්තෙල් සහ ඒ ආශ්‍රිත තෙල් වර්ග හතරක් ගැසට් අංක 2044/40 යටතේ 2017 - නොවැම්බර් මස 09 දින ආදේශකර එකතු කරන ලද විශේෂ ආනයනය බපලත්‍ර නියෝග යටතට ඇතුළත් කර ඇත.
 
1511 සංකේතාත්මක - පාම්තෙල් සහ එහි අනුසාන්ගික කොටස් - පිරිපහදු නොකරන සහ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් වෙනස් නොකරන ලද කාණ්ඩය යටතේ ආනනය කල හැකි. 
 
1511.90.00-අනෙකුත් (L) බලපත්‍ර යටතේ. 
 
1511.90.10 - පාම් ස්ටියරිං (Palm Stearin) (L) 
 
1511.90.30 - පිරිපහදු නොකරන ලද පාම් Olein -( crude palm Olein ) (L)
 
1511.90.90 - RBD පාම් ඔයිල් සම්පූර්ණයෙන්ම පිරිපහදු කරන ලද. Refined bleached deodorize  (L) 
 
 
11 උපලේඛණයේ ඇති 2184/21 දරන 2020 පූලි 16 දින අති විශේෂ ගැසට් නිවේදනයෙන් වෙනස් කරන ලද අයිතමයන් දෙකක් මෙම ගැසට් නිවේදනයෙන් ඉවත් කර ඇත. cancelled. 
 
එනම්, දින 180 වේ ණය පදනම යටතේ ආනයනය කිරීමට හැකිව තිබූ 
 
1511.10.00 - පාම් තෙල් - Crude palm oil.  (C) 
 
1511.90.00 -අනෙකුත් (C) 
 
1511.90.20 - ලීටර් 210 ක් අසුරුම් කරන ලද RBD  පාම්තෙල් - (C) 
 
 
මේ අතර සීරියල් අංක 62 යටතේ පාම් තෙල් (Palm Oil)  ආනයනය කිරීමේදී බලපත්‍ර ගාස්තුව වශයෙන් ආනයනය වටිනාකමෙන් 0.4% ක බලපත්‍ර ගාස්තුවක් අය කරන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
 
මෙම අයිතමය තහනම් කරන ලද්දක් ලෙස ද 3 වන ලේඛනයේ සඳහන් වෙයි.
 
මෙම ගැසට් නිවේදනය දේශීය ආනයනයකරුවන් සම්බන්ධයෙන් නිකුත් කරන ලද්දක් වන අතර ආයෝජන මණ්ඩල කර්මාන්තකරුවන්හට ආනයනය කල හැකි තෙල් වර්ග පිළිබඳ සඳහන් ලේඛනයක් මේ වනතුරුත් නිකුත් කර නොමැති බව අයෝජකයින් පෙන්වා දෙති. 

 

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්