දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතරදී රථවාහන 12 ක් එකිනෙක ගැටීමෙන් ඊයේ දහවල් අනතුරක් සිදුව ඇත.
එම වාහන අනතුරට ලක්ව ඇත්තේ කිලෝ මීටර් 11 ක පමණ දුර ප්‍රමාණයක් ඇතුළතයි.
ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ද පැවති අතර අනතුරින් එක් පුද්ගලයෙකුට සුළු තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
අදාළ අනතුරට බලපෑ හේතු සම්බන්ධයෙන් පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළේය.
වාහන 12ක් එකිනෙක ගැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර
අධිවේගිවල දින 4ක ආදායම දාහතර කෝටියක්
මේ අතර ගතවු දින 4 තුළ පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් කෝටි 14කට අධික බව එම මාර්ගයේ මෙහෙයුම් සහ නඩත්තු අංශය පවසයි.
එම දින 04 තුළදී රථවාහන පන්ලක්ෂ 15,000 කට අධික ප්‍රමාණයක් දක්ෂිණ අධිවේග මාර්ගයේ ධාවනය කර ඇති බව ද එම අංශය සඳහන් කළේය.
ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන විශාල සංඛ්‍යාවක් ධාවනය කර තිබේ.
ඉන් ලැබූ ආදායම පසුගිය වසරට සාපේක්ෂව මිලියන 08 කින් ඉහළ ගොස් ඇත.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග යොදා ගැනීම මෙම ආදායම වැඩි වීමට හේතුව බව අධිවේගී මාර්ග පරිපාලනය පවසයි.
කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් පසුගිය අවුරුදු සමයේ රටම ලොක්ඩවුන් තත්වයක තිබිණ.
THE LEADER TV
සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා
අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?