පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති විශේෂ පෙත්සම් ලබන 19 වැනිදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ
 
සලකා බැලීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත.
 
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම මේවනවිට පෙත්සම් ගොනුකර තිබේ.
 
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, සමගි ජන බලවේගය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජිත් මද්දුම බණ්ඩාර, 43 සේනාංකය වෙනුවෙන් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, 'පුරවැසි බලය' සංවිධානය වෙනුවෙන් ගාමිණී වියන්ගොඩ හා නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
 
 
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
 
 
 
 
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බැවින් ඊට එරෙහිව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ පක්ෂ නීති අංශ දැනුම්වත් කර ඇත.
 
කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙලෙස නඩු පවරණ බව එජාප නීති අංශ පවසයි.
 
 
 
 
 
 

 


 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්