වත්මන් පාලකයින් බලයට පත් කළේ රට හැදීමට මිසක්, රට විකිණීමට හෝ බදු දීමට නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

උන්වහන්සේ එබව සඳහන් කළේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
 
වරාය නගරය චීන කොලනියක් බවට පත් කිරීමට සැරසෙන බවත්, එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන බවත් එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියහ.
 
''වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළ බවද උන්වහන්සේ පැවසුහ.    
 
තම සංවිධානය ඉදිරිපත් කළේ එම පනතට එරෙහි පහළොස්වැනි පෙත්සම බවද උන්වහන්සේ සඳහන් කළහ.         
 
මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් නොවන බවද දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වන බවද ආනන්ද හිමියෝ පැවසුහ.
 
 
 
 
‘‘වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා‘‘ -විජේදාස 
 
 
wijedasa
                                                 පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ
 
 
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බවත්, එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
 
රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
 
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බව ද කීවේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද පැවසිය.
 
” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
 
දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. 
 
මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.''
 
 
 

 

 
 
THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්