ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවටත්, ජනාධිපතිවරයා පඹයකු කර රජයේ සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ 'මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්' බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු)

 
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙන් පසු එම පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ පස්වරුවේ හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ.
 
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ විජේදාස රාජපක්ෂ විසින් පවත්වන ලද එම මාධ්‍ය හමුවේ දී වරාය නගරය ගැන තීන්දු ගැනීමට පත් කිරීමට යෝජිත කොමිසම පිළිබඳ  දැඩි විවේචන එල්ල කරනු ලැබීය.
 
කෙසේවුවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණගැසී ඇති බැසිල් රාජපක්ෂගේ අන්තේවාසිකයකු වන අමාත්‍ය ජී එල් පීරිස්, ආණ්ඩුව නිවැරදි ගමට ගෙනයාමට කටයුතු කරන බවට සහතික වී තිබේ.
 
අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂගේ නියෝජිතයකු ලෙස අභයාරාමයට පැමිණ ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සාකච්ජා මාර්ගයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් විසඳා ගැනීමට යෝජනා කර තිබේ. 
 
අමාත්‍ය බන්දුල ගුණවර්ධන සැලකෙන්නේ බැසිල් විරෝධියකු ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවට පලමුවරයා යෝජනා කරනු ලැබුවේ බන්දුල ගුණවර්ධනයි.
 
 
##################
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image