ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) තමාට දුරකතනයෙන් අමතා අධම හා අශෝභන ලෙස බැන වැදුන බව 'පොහොට්ටු' පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.
 
 ඔහු එබව කියා සිටියේ අද පෙරවරුවේ සිය නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
 
අද උදෑසන ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එතුමන්ගේ දේශපාලන දැනුම මද බව හේතුවෙන් ඊයේ දිනයේ මාධ්‍ය හමුවේදී සාකච්ඡාවට ලක්කළ කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට තමන් අමතන බව සිතා ජනාධිපතිට ඇති ගෞරවය නිසා ඉතාමත් ගෞරවයෙන් එතුමාට පිළිතුරු දුන් බවත් මන්ත්‍රීවරයා පැවසිය.
 
නමුත් තමා බලාපොරොත්තු නොවූ ලෙස ඉතාම පරුෂ ලෙස ජනපති කතා කිරීම නිසා තමන්ද එයාකාරයෙන් ඇමතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, රටක ජනාධිපතිවරයා මෙලෙස හැසිරෙනවානම් තමන්ගේ ජීවිතය පිළිබඳව තර්ජනයක් ඇති බවට සැක කරන බව ද කියා සිටියේය. 
 
තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ බවත්, තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඊයේ දිනයේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා රාජපක්ෂවරුන්ව දැඩිලෙස විවේචනයට ලක්කළේය.
 
එහිදී බැසිල් රාජපක්ෂ ඔහුගේ දැඩි විවේචනයකට ලක්විය. 
 
එම මාධ්‍ය හමුවෙන් පසු ජනාධිපතිවරයා, ඊයේ (15) පස්වරු ම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දොස්පවරා තිබිණ. 
 

##################
THE LEADER TV 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්