ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරය සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන තත්වයක් යටතේ, එම ආයතනය ජනාධිපතිවරයා යටතට ගැසට් කිරීමේ සුදානමක් පවතින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසති.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුර්ණ ආශිර්වාදය යටතේ, ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටින අතරේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් පසුගිය ජූලි මස 18 වන දින ලිපියක් නිකුත් කරමින් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංජීව විජේගුණවර්ධන රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඇමතිවරයාගේ පත්කිරීමට අනුව, අද(22) දිනයේ දී නව පත්වීමේ වැඩ බාර ගැනීමට සංජීව විජේගුණවර්ධන රූපවාහිනී පරිශ්‍රයට ගොස් ඇතත්, මේවනතෙක් තමා ධූරයෙන් ඉවත් කර ඇතැයි කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බව පවසමින් ඉනෝකා සත්‍යාංගනී, සංජීව විජේගුණවර්ධනට අසුන ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

ජාතික නාලිකාවට අලුතින් සභාපතිවරයකු පත්කරන බවක් ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති අතර එය දැනගත් මොහොතේම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් විමසීමක් කර ඇතයි වාර්තාවේ. කෙසේවුවද ජනාධිපතිවරයා හා සාකච්ජා කර එකඟත්වයකට එනතෙක් අලුතින් පත්කිරීමක් සිදුනොවනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' කළ විමසීමකදී පැවසිය.

 රුවන් විජේවර්ධන ඇමතිවරයා විසින් සංජීව විජේගුණවර්ධන සභාපති ලෙස පත්කල ලිපිය පහත දැක්වේ.
Ruwan letterමේ අතර ජුලි මස 8 වන දින ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා දී නොමැති බවයි.

Ruwan latter2
මීට පෙරද රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සඳහා අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග යෝජනා කළ නමුත් ඒ නම් ද ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

සබැඳි පුවත් :
සුදර්ශන ගෙන් නිවැරදි කිරීමක් : රුපවාහිනී සභාපතිනිය ඇමතිගේ ඉල්ලීමට බැහැ කියයි !

රුපවාහිනියේ සභාපතිනියට ඉවත්වන්නැයි ඇමතිගෙන් දැනුම්දීමක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්