අප්‍රේල් 04දා කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජින තරගයේ දී සංවිධායකයින් ගෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බව එම තරඟයට ඉදිරිපත්වූ තරඟකාරියන් පිරිසක් පවසති.
එක තරඟකාරියකට කිරුළ පැළඳවීමට සංවිධායකයින් සැලසුම් සහගතව කටයුතු කළාද ද යන සැකය ඔවුන් මතුකරයි.
විනිසුරු මඩුල්ලේ සිටි ඇතැමුන්ට සිංහල භාෂාව නොතේරුන බැවින් ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කිරීමට නොහැකිවූ තරඟකාරියන් කිහිපදෙනෙකුට බලවත් අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් පවසති.
අවසන් තරඟ වටයට තේරුණු 20 දෙනා අතරින් බහුතරයකගේ ප්‍රකාශ ඇතුලත් වීඩියෝ පටයක් joytv srilanka සමාජ මාධ්‍ය විසින් අද අප්‍රේල් 17 දා අන්තර් ජාලයට මුදාහැර තිබේ.
පසුගියදා පැවති විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත්කල පුෂ්පිකාගේ කිරුළ ඉවත් කළ වත්මන් ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූරි ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී අදහස් දක්වා ඇත.
විවාහක රූ රැජින තරඟය නැවත පැවැත්විය යුතුයි..- චුලා පද්මේන්ද්‍ර
මේ අතර අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින් ජනප්‍රිය නිරූපිකා චුලා පද්මේන්ද්‍ර කියා සිටියේ,
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟය නැවත වතාවක් පැවතිය යුතු බවයි.
ඇය පවසන්නේ පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ විවාහක රූ රැජින තරගය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබූ බවයි.
එම තරගාවලියේ දී ඇති වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් හඬක් නැගුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කන් නොදුන් බවද ඇය සඳහන් කරයි.
සබැඳි පුවත් :
############
සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා
රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!