සූර් පිට තරුණියකට බලෙන් පෙම් කරන්න ගොස් බිංදුවට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජනප්‍රිය හා
දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කර ඇත. 
 
ඒ, මාතර පැවති උත්සවයකදී බිමත්ව තරුණියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පලවී ඇති වාර්තා සැලකිල්ලට ගනිමිනි. 
 
අප වෙත වාර්තාවන පරිදි, මෙසේ චෝදනා එල්ලවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක වෙතයි.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුයේ, මේ සම්බන්ධයෙන් මාධ්‍යවල පුවත් පලවී ඇතත් පොලිසියෙන් හෝ වෙනත් කිසිඳු පාර්ශවයකින් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. 
 
මිට ඉහත දී ද මෙම ක්‍රීඩකයාට එරෙහිව මෙවැනි විනය විරෝධී චෝදනා කිහිපයක් එල්ලවී තිබු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙම සිද්ධිය ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කර තිබුනේ මෙසේය.
 
gfggfh
 
ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් වළ පල්ලටම ගොස් හමාරය. එලෙස වළපල්ලටම යෑමට හේතු වූ කරුණු කාරණා රැසක් තිබේ. ඉන් ප්‍රධාන කරුණක් වනුයේ සමහර තරුණ ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියාකාරකම්ය. 
 
එකල ක්‍රිකට්  ක්‍රීඩකයන් මෙන් නොව, වර්තමානයේ තරුණ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් හැසිරෙන්නේ ක්‍රීඩාවට ආදරයක් නොමැති, රටට ජාතියට ආදරයක් නොමැති අය ලෙසින්ය. 
 
කෙලෙස හෝ ජාත්‍යන්තර තරගයක් දෙකක් ක්‍රීඩාකළ පසු ඔවුන් හැසිරෙන්නේ වෙනස්ම මානසිකත්වයකිනි.
 
ඉන්පසු ඔවුන්ගේ ප්‍රධාන කාර්යය ක්‍රිකට් ක්‍රීඩා කිරීම නොව, රාත්‍රී සමාජ ශාලාවවල ගතකිරීම, බීමතින් රිය පදවා මිනිසුන් යට කිරීම, තරුණියන් සමග කාලය ගත කිරීම ආදියයි.
 
 මෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තව තවත් පරිහානියට පත්වන බව 'දිවයින' පුවත්පත වාර්තා කරයි. 
 
 
 
මුලාශ්‍ර 'දිවයින' පුවත:

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්