ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාලයක් සඳහා අනුයුක්ත කර සිටින සේවිකාවක් හා සේවකයකු
 වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර, විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එම අමාත්‍යංශයේ බලධාරීන්ට නියෝගකර ඇත.
 
ඒ, එම සේවකයින් දෙදෙනා සමාජ මාධ්‍ය හරහා ජනාධිපතිවරයා විවේචනය කළා යයි චෝදනා කරමිනි.
 
රාජ්‍ය ඇමතිවරයාගේ එම නියෝගය මත අනුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති, වෛද්‍ය සවින්ද්‍ර ගමගේ විසින් අදාල සේවකයින්ගේ  සේවා ස්ථාන මාරු කිරීම ලිපි මගින් දැනුවත්කර තිබේ.
 
එම ලිපියේ මෙසේ සඳහන් වේ.
 
'' ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාලයක් සඳහා අනුයුක්ත කර ඇති සේවයකන් දෙදෙනෙකු සමාජ මාධ්‍ය හරහා අතිගරු ජනාධිපතිතුමා විවේචනය කර ඇති බවට අනාවරණය වී ඇති බව 2021.03.29 දිනැතිව වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ ප්‍රවාහන කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමියගේ අත්සනින් යුතු ලිපිය මගින් දැනුම් දී ඇත. 
 
එහිදී මූලික විමර්ෂණයට බාධා නොවන පරිදි අදාල නිලධාරීන් ස්ථාන මැරු කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තවදුරටත් දැනුම් දී ඇත. එසේම මෙම සිදුවීමට අදාල එක් සේවිකාවක ලෙස ඔබ නම් කර ඇත.
 
ඒ අනුව, 2021.03.29 දිනැති සේවා ස්ථාන මාරු ලිපියට අනුව පරික්ෂණය නිම වන තෙක් තාවකාලිකව නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේ සේවයට වාර්තා කරන ලෙස මෙයින් දැනුම් දෙමි.''
 

fgdfgr

 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති හිටපු ආණ්ඩුකාර, රජිත් කීර්ති තෙන්නකෝන් මෙසේ පවසයි.
 
''අවුරුදු 19 යි මාස දෙකක් කරපු රස්සාවෙන් විශ්‍රාම වැටුප් නැතිව මාව ගෙදර යැව්වේ එදා ආණඩුව විවේචනය කරා කියන චෝදනාවට.  මම නඩු ගිහින් දිනුවා.  විවේචනය කරන මිනිස්සු මාරු කරන එක, රස්සා නැති කරන එක, මේවා සොහොන් ලකුණු!   විපක්ෂය කට වහගෙන හිටියාට මිනිස්සු කට වහගෙන ඉන්නේ නෑ.''
 
 
වඳුරු කතාව :
 
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ජනඝාතක පැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කළ යුතු බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අප්‍රේල් 12 සඳුදා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ  කර තිබුනි.
 
දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාගේ වත්මන් හැසිරීම දකිනවිට සිහිපත්වන්නේ නිතර දෙවේලේ අසා ඇති පුරාණ කතාවකි.
 
 කලකට පෙර කිසියම් රටක විසූ කිසියම් රජකු ළඟ හිතවත් වඳුරෙක් විසීය. දිනක් රජතුමා නිදා සිටින විට පපුව මතට නිල මැස්සෙක් ලෑන්ඞ් කළේය. රජතුමාගේ කඩුව අතට ගත් වඳුරා පපුව මත සිටි නිල මැස්සාට කෙටුවේය. රජතුමා දෙපළු වූ අතර නිල මැස්සා ඉගිල ගොස් මාලිගයේ ජනේලයකින් අහසට නැග ඊළඟට ලෑන්ඞ් කිරීම පිණිස අසූචි ගොඩක් සොයමින් පියාඹන්නට විය. මෙබඳු මෝඩ වඳුරන් කිහිපදෙනෙක් ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සිටින බව පෙනේ.

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්