සයුරෙන් එහා මායාවට රැවටුණු මිනිසුන්ගේ යථාර්ථය "පාස්පෝට්", ක්‍රිස් ඇන්ටනීගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය යි.  
 
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව හා ඉතාලි යන රටවල්වල රූ ගත කිරීම් සිදු කළ මෙම සිනමාපටය ගෙතී ඇත්තේ තමන්ගේ දියුණුව සොයා යුරෝපා රටකට සංක්‍රමණය වීමට වෙර දරන තරුණයින් දෙදෙනකු වටා ය.
 
ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසිංහ, නයනතරා වික්‍රමාරච්චි, අතුල ජයසිංහ, රොෂාන් පිලපිටිය යන රංගන ශිල්පින් ශිල්පිනියන් ඇතුලු විදෙස් ජාතිකයින් කිහිප දෙනෙක් ද පාස්පෝට් සිය රංගන දායකත්වය සපයා තිබේ.
 
විශ්වජිත් කරුණාරත්න කැමරාකරණයෙන්, නිරෝෂන් සහය අධ්‍යක්ෂණයෙන්, අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන්, ප්‍රියන්ත මලවිගේ කැමරා අධ්‍යක්ෂණයෙන්, සවන් පවිත්‍ර ඇදුම් නිර්මාණයෙන්, රුචිර සංජීව අංග රචනයෙන්, ඩෙන්සිල් සේනාධීර සංගීත අධ්‍යක්ෂණයෙන්, ශාන් අල්විස් සංස්කරණයෙන්, ලලිත් රාජපක්ෂ සහ ප්‍රසාද් ඇන්තනී නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වන මෙම සිනමාපටයේ තිර රචනය,  කතාව සහ දෙබස් අධ්‍යක්ෂකවරයාගේ ය.      
 
පාස්පෝට් චිත්‍රපටයේ නිෂ්පාදනය වෛද්‍ය චන්දික විරාජිත් තාබුගල විසිනි.
 
2018 වසරේ දී රූගත කිරීම් ආරම්භ කර 2019 දී නිෂ්පාදන කටයුතු නිම කළ මෙම සිනමාපටය මේ වනවිට ප්‍රදර්ශන පෝලිමේ රැඳී සිටින සිනමාපටය කි.  
 
(අවාරා)

 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්