සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය සේවා කාර්ය මණ්ඩල අනිවාර්යයෙන් ම පැළඳසිටිය යුතු
කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
 
එම ආරංචිමාර්ග වලට අනුව, මේ වන විට කොරෝනා රෝගීන් වෙනුවෙන්ම වෙන්කර ඇති  IDH රෝහල ඇතුළු කොරෝනා ආසාදිතයින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල්වල සහ කොළඹ ජාතික රෝහලේ පවා කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටලවල හිඟයක් පවතී.
 
ඇතැම් රෝහල් වල කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩල භාවිතයට ගන්නා මෙකී ඇඳුම් කට්ටල සියල්ල අවසන් වී තිබේ.
 
මෙකී ආයිත්තම් රජයේ රෝහල් කාර්ය මණ්ඩල වෙත සැපයීමේ  වගකීම ඇත්තේ වෛද්‍ය සැපයුම් ඒකකය වෙත වුවත් එම ආරක්‍ෂිත නිල ඇඳුම් නිසි ලෙස සැපයීම් නොකිරීම හේතුවෙන් බරපතල අන්තරාදායක දුෂ්කරතා මතුව ඇත.
 
 
 
විෂයබාර නිලධාරිනියකට චෝදනා !
 
වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැති රැස්වීමකදී විෂයභාර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, මෙම කොරෝනා ඇඳුම් කට්ටල හැකි ඉක්මනින් ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණද, කොරෝනා ඇඳුම් කට්ටල සැපයුම් භාරව සිටින ප්‍රධාන නිලධාරිනියක එම කටයුත්ත අත්තනෝමතික ලෙස නොසළකා සිටින බවද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
 
අදාල නිලධාරිනියගේ ක්‍රියාකලාපය ඇතැම් සමාජ මාධ්‍ය විසින් දැඩි ලෙස විවේචනය කර ඇත්තේ ඇයගේ වත්කම් පවා හෙළිදරව් කරමිනි.
 
එසේම, මෙම නොසලකා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක වරයෙකු වෙත ද චෝදනා එල්ලවී තිබේ. 
 
 
 
 
ටෙන්ඩර් හුටපටයක් ! 
 
 Channa Jayasumana
රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන 
 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසුයේ, ටෙන්ඩරයක් සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටළුවක් හේතුවෙන් කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල මිළදී ගැනීමේ යම් පමාවක් සිදුව ඇති බවයි.
 
එහෙත් මේවනවිටත් ලක්ෂයකට ආසන්න කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල රෝහල්වලට සපයා ඇතැයි පැවසු ඇමතිවරයා, ටෙන්ඩර් ප්‍රශ්නය ඉක්මනින්ම විසඳා අදාල ඇඳුම් කට්ටල වහාම මිලදී ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
 
'' ඇත්තටම මෙතන වෙලා තියන්නේ මේ ටෙන්ඩරය ගන්න අයදුම් කරපු දෙන්නම මේ වෙනකොට එකිනෙකාට එරෙහිව CID එකට පැමිණිලි කරලා. එක් සමාගමක් සාම්පලයට දුන්න රෙද්ද වෙනුවට බාල ප්‍රමිතියේ රෙදි වර්ගයක් යොදාගෙන තියනවා කියල පැමිණිල්ලක් තියනවා. දැන් ඒ ගැන රහස් පොලිසියෙන් හොයාගෙන යනවා. ඒ නිසා රහස් පොලිසියේ විමර්ශන අවසන් වෙනතෙක් සැපයුම් අංශයේ නිලධාරීන්  ටෙන්ඩරය කාටද දෙන්නේ කියල තවමත් තීන්දු කරලා නැහැ. එක නිලධාරීන්ගේ වරදක් නෙමෙයි. කොහොම වුනත් මේ ප්‍රශ්නය අපි ඉක්මනට විසඳනවා. සෞඛ්‍ය සේවකයින්ට ගැටළුවක් වෙන්න තියන්නේ නැහැ..'' රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 

ad6d6131 413f 4f1e 9e87 30a02af8944a

 
 
කොරෝනා වසංගතය ආරම්භ වූ අවධියේදී  දැඩි අවදානමක් පවතින බාහිර රෝගී ඒකකයන්, හදිසි සත්කාර ඒකකයන් සහ දියවැඩියාව, ඇදුම, උන වැනි රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවල කාර්ය මන්ඩලයන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂන උපකරන ( Personal protective equipment-PPE) වන, ඇස් ආවරන, මුහුනු ආවරන සහ කබා බරපතල හිඟයක් තිබිණ.
 
එවැනි තත්වයක් තුළ සමහර රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය යොදා ගනිමින් PPE උපකරන නිෂ්පාදනය කිරීමට පවා පෙළඹී සිටියේය.
 
අංගොඩ මූලික රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පවා එකල රෝගීන් පරික්ෂා කිරීමේදී පැලැඳ සිටියේ, ඔවුන් විසින්ම නිපදවාගත් පොලිතීන් කබායයි. 
 
ප්‍රමිතියෙන් යුතු කොරෝනා ආරක්ෂක ඇඳුම් කට්ටල නොසැපයීම පැහැදිලි ලෙසම සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙන්ම රෝගීන් ද දැඩි අවදානමකට පත් කිරීමක් වනු ඇත. 
 
 

 

 


 

 
THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්