දැනට ශ්‍රි ලංකාවේ කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි
සියලු පක්ෂ වල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව තීරණය කර ඇත.
හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් එම එකඟතාවයට පැමිණි බවය.
කොවිඩ් 19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි දිනය පැවැත්වීමට ඇති හැකියාව සබැදිව සාකච්ඡාවක් අද දින කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි දින රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබු අතර අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී පක්ෂද ඊට සහය දැක්වීමට නියමිතව තිබිණ.
මෙසේ මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට රජය විසින් ගනුලැබූ තීරණයත් සමග ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය
මැයි පළමුවෙනිදා එළිපිට පුපුරායාමට තිබු අවධානම අහෝසිවී තිබේ.
THE LEADER TV
අලුත් අවුරුද්දේ වඳුරු කතාව
අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ