ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වදාරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට යෝජනා කරන 'සිහල රාවය' සංවිධානයේ මහලේකම්

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත භික්ෂුව හා රාජිත ඇමතිවරයාගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් කතිකාවක් ගොඩනැගෙමින් පවතී.

'රාජිත සේනාරත්න පදනම' විසින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි ජුලි 21දා සිදුකළ දානමය පිංකමක දී අනුශාසනාව පවත්වමින්, රාජිත සේනාරත්න ඇමතිවරයා ජනාධිපති කළ යුතුබවට වදාරා සිටියහ.

ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි වූවකු ලෙස ප්‍රකට දේශපාලන චරිතයක් වන රාජිත සේනාරත්න, උග්‍ර අන්තවාදියකු හා රාජපක්ෂවාදියකු වන මාගල්කන්දේ සුදත්ත භික්ෂුව කැඳවා තමන්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ගැනීමට තරම් දේශපාලනික වශයෙන් පහත් තත්වයකට වැඩි සිටීම ඔහුගේ දේශපාලන භාවිතාව අගයකල පිරිස්වල පවා දැඩි විමතියට හේතුවී තිබේ.

රාජිතගේ ජනාධිපතිමේනියාව !

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රාජිත ඇමතිවරයාට බෝකර ඇති 'ජනාධිපතිමේනියාව' සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ලකර ඇති lankadaily.com වෙබ් අඩවිය, ''රාජිත ජඩයෙක්. බොරුකාරයෙක්'' යයි අවධාරණය කරමින් විශේෂ වාර්තාවක් ද පළකර ඇත.

''රාජිත සේනාරත්න ඇමැතිවරයා සිය දේශපාලන ඉතිහාසය පුරා පෙනී සිටියේ ජාතිවාදයට එරෙහි ආගම්වාදයට එරෙහි වාමාංශික දියුණු මත දරණ දේශපාලකයකු වශයෙනි. එහෙත් ඔහුගේ ඇත්ත මුහුණුවර ඊට හාත්පසින්ම වෙනස් බවත්, මෙතුවක් කල් දේශපාලනයේදී පෙන්වා තිබෙන්නෙ ව්‍යාජ මුහුණක් බවත් දැන් හෙළිදරව් වී තිබේ. '' යයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

ඥානසාර හිමිගේ ගෝලයෙක් !

Magalkanda Rajitha

සාමනේර වහන්සේලා පිරිසක් කැටුව රාජිත ඇමතිවරයාගේ දානයට වැඩමකල වදාළ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත භික්ෂුව යනු සිංහල බෞද්ධ අන්තවාදි සංවිධානයක් වන බොදුබල සේනාවේ ක්‍රියාකාරි සමාජිකයකුව සිටි අයෙකි.

පසුව ඥානසාර හිමිගෙන් වෙන්වී 'සිහල රාවය' නමින් සංවිධානයක් අටවා ගනිමින් වඩාත් තුච්ඡ ලෙස ජාතිවාදී ආගම්වාදි ප්‍රකාශ කරමින් සිටින චිවරධාරියෙකි.

එසේම, උග්‍ර රාජපක්ෂවදියකු වන මෙම හිමිනම් මහින්ද රාජපක්ෂගේ උපන්දිනයක් නිමිත්තෙන් සිය FB පිටුවේ පලකළ සටහනක මෙසේ සඳහන්වේ.

 Magalkanda post

 

කෙසේවුවද මාගල්කන්දේ සුදත්ත භික්ෂුගේ දේශපාලන භාවිතව හා හැසිරීම සම්බන්ධයෙන් වරෙක මේජර් අජිත් ප්‍රසන්න පවසා සිටියේ ‘‘ගිහි ජීවිතේ තක්කඩි අද සඟ සසුනට ඇවිල්ලා ඒක ‘වන‘ කරන්න හදනවා. ඒකට අපි විරුද්ධ යි“ යනුවෙනි.

 

එසේම දේශපාලන විචාරකයකු වන කල්‍යානන්ද පෙරේරා සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ විමසීමක් කර ඇත.

''අංගුලිමාල පැවිදි වෙලා නිවැරදි වුනාලු.මාගල්කන්දේ සුදත්ත හිමි,කලින් පොලීසියේලු.පච්චත් තියෙනවලු.ඇයි නිවැරදි වෙලා,ආපහු අංගුලිමාල උනේ.''

Kalyananda Perera Post

සබැඳි පුවත් :

රාජිතට සිහල රාවයෙන් සහතිකයක්!

සජිත්ට එරෙහිව 'චම්පික-රාජිත-ෆොනී-රවී' අශුද්ධ සන්ධානයක් !

ෆොනී - රාජිත විසිවේ : රනිල්ගේ අලුත්ම තේරීම චම්පික !

රනිල් ධම්මිකට දීපු ලනුව ඇමතිවරු තුනකටත් දීලා !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්