පසුගියදා අප්‍රේල් 04දා කොළඹ නෙලුම්පොකුන රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශිත පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ඉවත් කර දෙවැනි ස්ථානයට පත් තරඟකාරියට පැළඳවීම 
 
සම්බන්ධයෙන් මේවනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටින වත්මන් ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි 28 හැවිරිදි ශ්‍රී ලාංකික කැරොලයින් ජූරි සිය කිරුළ අතහැර දැමීමට ගත් තීන්දුව ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් වෙත ඊයේ (අප්‍රේල් 20) දින නිල වශයෙන් දැනුම් දී ඇත.
 
සිය කිරුල අතහැරීම දැනුම් දෙමින්මේ ඇය ලෝක රූ රැජින සංවිධායකවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ,මේ වසරේ ලෝක විවාහක රූ රැජින තේරීමේ ජාත්‍යන්තර තරගය සැලසුම් කළ පරිදිම ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි. 
 
''2020 ලෝක විවාහක රෑ රැජින කිරුළ අත් හරිමි.'' යන ශීර්ෂය යටතේ ඇය විසින් යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.
 
 
''සදාකල් කෘතඥපූර්වක වෙමි'' 
 
2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දරණ සමයේ, ලෝක රූ රැජින සංවිධායකවරුන් ලෙස මා වෙත දැක්වූ කාරුණික සහයෝගය සහ දිරිගැන්වීමට මගේ හදවතින්ම ස්තූතිවන්ත වන බව මුලින්ම දැන්වීමට කැමැත්තෙමි. 
 
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීම දක්වා වූ මගේ ගමන ඉතා අසීරු වූ එකක් වූ අතර, ඒ ගමනේ හැම පියවරකදීම මා සමග හිඳිමින් මට උපකාර කළ සියල්ලන්ටම මා සදාකල් කෘතඥපූර්වක වෙමි.
 
2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දරණ කාලය තුළදී, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ජීවිත ඔසවා තැබීමට කටයුතු කරන්නට ලැබීම මා ලද භාග්‍යයකි. ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම අරඹන්නට මා හට පදනම නිර්මාණය වූයේ “2020 ලෝක රූ විවාහක රැජින කිරුළ” නිසාම බවත්, ඒ සඳහා මම සදාකල් කෘතඥපූර්වක වන බවත් කිව යුතුමය.
 
 
 
 
ඔබ දන්න පරිදි, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට අමුත්තෙකු වූ මා, පළමුවරට ඉදිරිපත් වූයේ 2019 ශ්‍රී ලංකා ලෝක විවාහක රූ රැජින තරගයටයි. එබැවින් මේ ක්ෂේත්‍රයේ උපාය, ප්‍රයෝග සහ විජ්ජා මා හට තවමත් තේරෙන්නේ නැත. මා විශ්වාස කරන්නේත්, පෙනී සිට්න්නේත් සමාන සහ සාධාරණ අවස්ථාවන් වෙනුවෙනි.
 
ශ්‍රී ලංකාව යනු මිනිසෙක් මැරෙන්නට පෙර සිය ජීවිතකාලය තුළදී, අවම වශයෙන් එක්වරක්වත් සංචාරය කළ යුතුම, ඉතා සුන්දර රටකි. මම මගේ රටට ඉතා ආදරය කරමි. ගෞරව කරමි. ඇය වෙනුවෙන් මම සැම විටම පෙනී සිටිමි. 
 
ඒ නිසාම, 2020 ශ්‍රී ලංකා ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගයේදී සිදුවූ බලපෑම්, බලපුළුවන්කාරකම් සහ වෘත්තීය ගරුත්වය කෙලෙසීම් දුටු විට, නොදැක්කා සේ හිඳීමට මට නොහැකි විය.
 
ඒ අසාධාරණකම් ගැන මුලින්ම ඉව වැටුණු මොහොතේ සිටම මම ඒවා ගැන ප්‍රශ්න කළෙමි. 
 
අවසානයේදී, වගකීම් සහගත ක්‍රියාත්මකවීමක් ලෙස මම ඒ තරගයේ විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම දන්වමින් ලෝක විවාහක රූ රැජින සංවිධායකවරුන් වන ඔබට, 2021 අප්‍රේල් මස 3 වැනිදා එවූ ඊමේල් පණීවුඩයේ එය වඩාත් විස්තරාත්මකව ප්‍රකාශ කර ඇතිබව ඔබ දනී.
 
 
 
 
 
මේ සමග අමුණා ඇති මා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම අනුව, ලෝක විවාහක රු රැජින කිරුළ වෙනුවෙන් වන තරගය යනු, තමන්ගේ සිහින ජයගැනීමට වෙහෙස වන විවාහක කාන්තාවන්ගේ තරග වේදිකාවයි. එයට අනුව ලෝක විවාහක රූ රැජින කිරුළ නියෝජනය කරන්නේ, විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් කරමින් වගකීම් දරමින්ම, තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ය. ලෝක  විවාහක රූ රැජින කිරුළ කිසි ලෙසකින්වත්, තරග නීතිරීතිවලින් රිංගායෑම්, අයුතු බලපෑම් කිරීම්  සහ අසාධාරණය නියෝජනය නොකරයි. 
 
 
මා පෙනී සිටියේ, කිසිදු අසාධරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව, තමන්ට සමාන සහ සාධාරණ ලෙස සළකනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඒ තරගයට ආ සියලුම තරගකාරියන් වෙනුවෙනි. 
 
අවධානය සහ හෘද සාක්ෂීය නිරතුරුවම නිවැරදි දෙය වෙනුවන්ම විය. එක් තරගකාරියක්ව පමණක් හෑල්ලුවට හෝ අපහසුතාවයට ලක්කිරීමෙන් මා උපයාගන්නා කිසිදෙයක් නැත. 
 
ඊට වඩා වෙනස් ආකරයකට, ඒ තරම් රඟ. දරක්වීමක් නොකර ඒ අසාධාරණය ලෝකයේ අවධානයට ගෙනෙන්ට හැකි ක්‍රමයක් වේදැයි මා ආපසු හැරී බලා සිතමි.
 
 
 
ඒ අසාධාරණයට එරෙහිව පෙනී සිටීම ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. ලෝක විවාහක රූ රැජින කිරුළට අරමුණක් ඇති බව මා තරයේ විශ්වාස කරමි. ලෝක විවාහක රූ රැජින සංවිධායකවරුන් දුස්ප්‍රයෝගයන්ට, අසාධාරණයට විරුද්ධ බව මම දනිමි. අයුතු, අසාධාරණ සහ අයුක්තිසහගත වටපිටාවක, ලෝක විවාහක රූ රැජින කිරුළ හිස පැළඳීම, එම කිරුළේ අරමුණ සහ සියලු කාන්තාවන්ගේ අයිතිය පාවාදීමකි. 
 
 
එබැවින්, මා 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත් හැරීමට තීන්දු කළ බව මෙයින් දන්වා සිටිමි. 
 
 මෙමගින්, ලෝක විවාහක රූ රැජින සංවිධායකවරුන් සමග 2019 නොවැම්බර් මස 4 වැනි දින එළැඹි අවබෝධතා ගිවිසුම මම අවසන් කරමි.
 
ඔබ මා සමග සිටි පහුගිය වසර කිහිපයේදී මා හට දැක්වූ සහයෝගය, කරුණාව සහ ආදරය වෙනුවෙන් මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි. 
 
 
 
ඔබෙන් මා කරන අවසන් ඉල්ලීම, 2019 දෙසැම්බර මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හිදී, ලෝක විවාහක කිරුළ දිනාගත් විගසම මා ඔබෙන් කළ පළමු ඉල්ලීමම වන්නේය. එනම්, මේ වසරේ ලෝක විවාහක රූ රැජින තේරීමේ ජාත්‍යන්තර තරගය සැලසුම් කළ පරිදිම ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි. 
 
 
කෝවිඩ් වසංගතයෙන් ඇද වැටුණු, මගේ සුන්දර රටට නැවත හිස ඔසවන්නට එය මහඟු පිටුවහලක් වන බැවිනි.
 
අරමුණ වෙනුවෙන් දිගටම මෙහෙවර කිරීමට මම තෝරාගනිමි.
 
ඔබේ විශ්වාසී
 
ශ්‍රී ලංකා
කැරොලයින් ජූරි.
 
 
Latter1 E KJ
 
 
 KJ latter 2021.04.21
කිරුළ අයර්ලන්ත ජාතික කේට් ශ්නේයිඩර්ට !
 
 
 75FC97B5 E53A 4B79 9B5B 2910229FB907 696x900
                             Kate Schneider
  
මේ අතර Mrs. World ලෙස කිරුළු පළදා සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි සිය කිරුළ ගලවා ආපසු භාර දීම නිසා පුරප්පාඩු වූ Mrs. World 2020 ලෙස එම තරගයේ අනුශූරතාව දිනාගන සිටි අයර්ලන්ත ජාතික කේට් ශ්නේයිඩර්  (Kate Schneider)  පත් කරන බව ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී සිටියි.
 
 
 

6BA12749 348F 4973 97F1 76F3710ED143කෙසේවුවද කැරොලයින් ජූරි යුක්තිය වෙනුවෙන් සිය කිරුළ පූජා කළ සැබෑ ‍රැජිනක් බව දක්වමින් ඇයට ලොව නන්දෙසින් ප්‍රසංශනාත්මක ඇගයීම් ලැබෙමින් පවති.

 
 විශේෂයෙන්ම Mrs world inc නිල පි‍ටුව සහ Kate Schneider ගේ මුහුණු පොත එවැනි සටහන් වලින් පිරී ඇත. 
 
කැරොලයින් ජූරි යුක්තිය වෙනුවෙන් පූජා කළ කිරුළ ප්‍රතිරූපයක් වෙනුවෙන් පිලිනොගන්නා ලෙස අයර්ලන්ත ජාතික Kate Schneider ගෙන් සුවහසක් ජනයා ඉල්ලා තිබේ.
 
 
 
 අප්‍රේල් 09 දා මාධ්‍යයට වීඩියෝවක් !
 
 
 
''මා දිනාගත් කිරුළ නැවත භාරදීමට, මට කාලය එළැඹ ඇති බව මම දනිමි.'' යයි පවසමින් අප්‍රේල් 09 දා මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර තිබු කැරොලයින් ජූරි, කිරුළකට නිශ්චිත අරමුණක් තිබිය යුතු බව අවධාරණය කර සිටියාය. 
 
'කාන්තාවකට අවශ්‍යවන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස, අන් කිසිවක් නොවේ.'' යයි ද ඇය එහිදී පැවසුවාය.
 
 

 
 
සබැඳි පුවත් 

 

#################

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්