අලුත් අවුරුදු උත්සව  දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා දැඩි තීන්දු තීරණ රැසක් වහාම
ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
 
කොවිඩ් මර්දනය සඳහා වූ විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (21) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්වී එම තීන්දු ගෙන තිබේ.
 
මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්  නියෝජනය කරයි.
 
 
 
පී.සී.ආර් පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළට !
 
 
දෛනිකව සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට මෙම කමිටු රැස්වීමේදී  තීරණය කර තිබේ.
 
නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම, විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව ගත් තීරණ අතර වෙයි.
 
 
කාර්යසාධන සමාලෝචන කමිටුව ගත් තීරණ :
 
 
# දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම.
 
 
# කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.
 
 
# දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම.
 
 
# වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම. 
 
 
# කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.   
 
 
# ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.   
 
 
# කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
 
 
# PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.
 
 
# නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.
 
 
# විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.
 
 
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.
 
 
 Image 1
 
 
කොරෝනා රෝගීහු 150 අයි.ඩි.එච්.රෝහලට
 
 
 
සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු අයි ඞී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසයි.
 
කොරෝනා රෝගීන් 150 දෙනකු  අද (21) දින වන විට අලූතින් රෝහලට ඇතුළත් වී සිටින බව ද ඔහු සඳහන් කරයි.
 
ඉකුත් මාර්තු මාසය වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගීන් ඉතාමත් අවම මට්ටමකින් වාර්තා වී තිබුණද ඉකුත් සතියෙන් පසු එම ගණන වේගයෙන් වැඩිවූ බවත් මේ වන විට රෝහලේ ඇති හදීසි ප්‍රතිකාර ඒකක දෙකම රෝගීන්ගෙන් පීරී ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
 
සිංහල අලූත් අවුරුද්දෙන් පසු මෙම රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇති බවත් එය ඉකුත් මාස දෙකට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් වෛද්‍ය අත්තනායක සඳහන් කළේය.
 
 
THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්