ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය.
 
 මෙම එන්නත ලබා ගැනීමෙන් සති කිහිපයකට පසුව රුධිරය කැටි ගැසුණු රෝගීන් වෙනත් රටවලින් ද වාර්තා වී ඇතැයි කී ඇමතිවරිය මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මිලියනයකට 4ත් 6ත් අතර 4ත් 6ත් අතර ප්‍රමාණයකින් බවද සඳහන් කළාය.
 
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර සෘජු සෘජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නැතැයිද වන්නිආරච්චි කීවාය.
 
කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇතිවිය හැකි ආබාධ සමඟ සංසන්දනය කිරීමේ කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව ඉතා අල්ප බවත් එන්නත්කරණය තුළ ඇතිවිය හැකි කලාතුරකින් ආසාත්මිකතා තත්ත්වයන් සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමෙන් එන්නත්කරනය ගැන මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් පැවසුවාය.
 
දැනට භාවිතා වන බොහෝ එන්නත් වලින් ලක්ෂයකට එක් අයකුට උගුරේ ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.
 
ඇය මෙසේ පැවසූයේ පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27 (2)යටතේ මතු කළ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
කොවිඩ් සංකූලතා ගැන කියන්න අංකයක්
 
 
කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇතිවුවහොත් ඒ පිළිබඳව 011-3415985 අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.
 
එම දූරකථනයට ලැබෙන එවැනි ඇමතුම් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා කෙළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇතැයිද ඇය පැවසුවාය.
 
 
 
රවී කුමුදේශ් කළ  අනතුරු ඇඟවීම !
 
 
 Ravi k 2021.04.22
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
 
 
 
 වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පසුගියදා මෙවැනි අවධානමක් සම්බන්ධයෙන් අනතුර ඇඟවීමක් කර සිටියේය. 
 
ලබාදී ඇති එන්නතෙහි සංකූලතා පිළිබඳව සොයාබැලීමට හෝ  ඒ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු වැඩපිළිවෙලක් නැතැයි පැවසු රවී කුමුදේශ්, ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව සැකසහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැතැයි ද කියා සිටියේය.
 
''පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්යේෂණයක් හෝ අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.'' ඔහු සඳහන් කළේය.
 
''එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් වේදී තනතුරට ක්ෂුද්‍රජීවී වේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි.
 
එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලනයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, "පරීක්ෂණ කිරිම - වෙන් කිරීම" යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්. '' බවද  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 
 

 

 
 
THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්