ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේදී ඉදිරිපත්කරමින් පවතින විදේශ විනිමය අනුපාත සම්බන්ධ
නිල සංඛ්‍යා දත්ත සහ වෙළඳපොළේ පවතින සැබෑ විනිමය අනුපාතය අතර විශාල පරතරයක් පවතින බව lankatruth.com අනාවරණය කර සිටියි. 
 
දිනපතා නිකුත් කරන වාණිජ බැංකු විනිමය අනුපාත සහ මහ බැංකුවේ නිල විනිමය අනුපාත නිරීක්ෂණය කිරීමේදී මේ බව තහවුරු වන බව ද එම පුවත් වෙබ් අඩවිය පෙන්වාදී ඇත. 
 
ඊයේ (21) පෙරවරු 11.00 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක් සම්බන්ධයෙන් නිකුත්කර තිබූ විනිමය අනුපාතය අනුව ගැනුම් මිල රුපියල් 190.29 සහ විකුණුම් මිල රුපියල් 195.21ක් වශයෙන් දැක්විණි.
 
එහෙත් වාණිජ බැංකු කිහිපයක ඩොලර් 1ක් හුවමාරු කළ රුපියල් විනිමය අනුපාතය පහත දැක්වේ.
 
එච්.එස්.බී.සී. 190.43 – 203.75
ජාතික ඉතිරිකිරීමේ බැංකුව. 193.09 – 202.51
ලංකා බැංකුව. 194.25 – 203.78
හැටන් නැෂනල් බැංකුව. 197.50 – 202.50
මහජන බැංකුව. 195.72 – 204.55
කොමර්ෂල් බැංකුව. 195.10 – 202.50
සම්පත් බැංකුව. 193.93 – 203.00
මහ බැංකුව. 190.29 – 195.21
 
ඉහත සඳහන් වාණිජ බැංකු අතරින් විදේශීය බැංකුවක් වන එච්.එස්.බී.සී. (හොංකොං ෂැංහයි බැංකුව) ඉදිරිපත් කර තිබෙන ඩොලර් 1ක් සඳහා විනිමය අනුපාතිකය ගැනුම් මිල රුපියල් 190.43 සිට විකුණුම් මිල රුපියල් 203.75ක් දක්වා විශාල පරතරයක් පවතී. 
 
එය රුපියල් 13 ඉක්මවා ගිය අගයකි. 
 
කෙසේ වෙතත් වාණිජ බැංකු විසින් ඩොලර් මිලදී ගන්නා මිල ගණන් සහ විකුණුම් මිල ගණන්ද මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන මිල ගණන් ද අතර විශාල පරතරයක් පවතින බව මේ අනුව පැහැදිලි වේ.
 
මහ බැංකුව ඉදිරිපත් කර තිබෙන නිල විනිමය අනුපාතිකයන් ජනතාව නොමග යවන වංචනික සංඛ්‍යා බව මේ අනුව තහවුරු වේ.
 
 
 
 
නියෝගදුන් බලධරයා ?
දින කිහිපයක් තුළ මෙරට විනිමය අනුපාතිකයන්   බරපතල ලෙස ඉහල පහල යාම සම්බන්ධයෙන් අප කල සොයාබැලීමකදී වාර්තා වුයේ, ජනාධිපති කාර්යාලයේ ඉහල බලධාරියෙක් පසුගිය දිනක මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් කැඳවා, රුපියලේ අගය වහාම ඉහල දැමීමට නියෝගකර ඇති බවයි.
 
මහ බැංකුවේ නිලධාරීන් ඒ සඳහා සතියක කාලයක් ඉල්ලා සිටියද අදාල බලධාරියා පවසා ඇත්තේ, ''හෙට උදේ වෙනකොට මම කියපු විදියට ඩොලරයේ අගය 192ට බස්සන්න ඕන. කරන්න බැරිනම්, හෙට උදේ වෙනකොට රෙසිග්නේෂන් එක මගේ මේසෙට එවලා තියන්න ඕන ... වැඩ බැරි අය අපට වැඩක් නැහැ..'' යයි කියා කියමින් ඔහු රැස්වීමෙන් නැගිට ගොස් ඇත.
 
රැස්වීම පැවති  දින ඩොලරයේ අගය 204 කට ආසන්න වූ අතර බලධරයාගේ නියෝගයෙන් එය පසුදින 189 දක්වා පහත වැටි තිබිණ.
 

 

 


 

THE LEADER TV 
 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්