මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා විය.
 ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 578ක් වේ.  ඉන් 62 දෙනෙකු විදේශ රටවලින් සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 516 දෙනා මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
 
ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100 දෙනකු, කුලියාපිටියෙන් 59 දෙනෙකු, කුරුණෑගලින් 10 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
 
මිට අමතරව ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී ඇත. දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇත.
 
මේ අතර ඊයේ දිනයේදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
 
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී ඇත.
 
මේ අතර යාපනයේ පොලීස් ස්ථාන කීපයක් හරහා කොරෝනා ආසාධිතයින් වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.කේතීස්වරන් පවසයි.
 
යාපනයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්තාවීමත් සමගම යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාල කීපයක් විසින් පොලිස් නිලධාරීන් 258 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට ඇත. ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබේ.
 

covid lanka

 
 
 
 දිවුලපිටියේ කුඩා දරුවාට වෛරසය ආසාදනය වූ හැටි...
 
දිවුලපිටියේ ගම්මාන දෙකකින් පසුගිය දින දෙකක් තුළ කොරෝනා ආසාදිතයන්හැ 73 දෙනකු වාර්තා වී ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් අස්සැන්නවත්ත හා මැල්ලවගෙදර යන ප්‍රදේශවලින් ඉකුත් 20 හා 21 යන දිනවලදී වයස මෙම රෝගීන් වාර්තා වී ඇති ඇත.
 
එම ආසාදිතයන් අතර අවුරුදු එකක කුඩා දරුවකු ද සිටින බව දිවුලපිටිය හා කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඒ. යූ. ටී. කුලතිලක කියයි.
 
සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අහඹු ලෙස කරන ලද පී. සී. ආර් පරීක්ෂණ වාර්තාවලට අදාලව එම රෝගීන් පිරිස වාර්තා වී ඇත.
 
වයස අවුරුදු එකක දරුවාගේ නිවසේ මව පියා හා සහෝදරයකු සිටින බවත් එම තිදෙනාටම වෛරසය ආසාදනය වී නැති බවට පරීක්ෂණ වලදී හෙළි වූ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
 
මේ අනුව කුඩා දරුවාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා කරන ලද වැඩිදුර පරීක්ෂණ වලදී හෙළි වූයේ පිටස්තර පුද්ගලයින් පිරිසක් එම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණි පිරිසේ එක් අයකු එම දරුවා සුරතල් කොට ඇති බවත් එම පුද්ගලයාට වයිරසය ආසාදනය වී ඇති අයකු බවට හෙළි වූ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

 

 

 


 

 
THE LEADER TV 
 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්