එක්සත් ජාතික පක්ෂ  මැයි දින සැමරුම පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මැයි 1 වැනිදා පෙරවරුවේ පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති වල මූලික සහභාගිත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට නියමිතව ඇත්තේ සියලු සෞඛ්‍ය නීතිරීති වලට යටත්වයි.
 
එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති සමිතිවලට අමතරව එජාප තරුණ බලවේගයට ද මෙවර මැයි දිනයේ දී මුල් තැන දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් මෙම අවස්ථාවට සහභාගී සහභාගිවීමට නියමිතය.
 
 
'වරාය නගර අලුත් කෙටුම්පත භයානකයි.'
 
මේ අතර අද (22) පස්වරුවේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ, වරාය නගර අලුත් කෙටුම්පත භයානක බවයි.
 
2016 වර්ෂයේ දී කොළඹ මුදල් මධ්‍යස්ථානයක් ඇති කිරිමට තමන් කැබිනට් මණ්ඩලය ට යොජනා කල  බව එජාප නායකයා පවසා සිටියි.
 
එමෙන්ම ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය ආරක්ෂා කල යුතු බවද ඔහු එහිදී අවධාරණය කරයි.  
 

 

THE LEADER TV 
 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්