මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe)
ලබන 27 වැනිදා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
ලබන 27 වැනිදා සිට 29 වැනිදා දක්වා වෙයි ෆෙන්ග්හි මෙරට තුළ රැදී සිටීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෙක් වන ජෙනරාල් වෙයි ෆෙන්ග්හි රජයේ ඉහළම නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මහජන චීන ජනරජයේ ආරක්ෂක අමාත්‍යවරයකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය බව පැවසේ.
මිට සති කිහිපයකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් ඇතුළු පිරිසක් ද මෙරටට පැමිණ රජයේ ප්‍රබලයින් සමග සාකච්ජා පවත්වා තිබිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා එරට විදේශ අමාත්‍යවරයාට වඩා බලපරාක්රමයෙන් යුතු අයෙකි.
මෙසේ එකදිගට චීන ප්‍රබලයින් ශ්‍රී ලංකාවට පැමිණීම කෙරෙහි ඉන්දීයාවේ විශේෂ අවධානයට යොමුව ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
THE LEADER TV
මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා
සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!