ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් වසංගත තත්වය මැඩ පැවැත්වීම සඳහා

දකුණු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇත. 

 
ඒ අනුව, ඒ සඳහා වූ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Woonjin Jeong අතර අද (22) පෙරවරුවේ කොරියානු තානාපති නිල නිවසේදී පැවැත්විණි.
 
මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා දකුණු කොරියාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබදව තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කර තිබේ.
 
කොවිඩ් උවදුර ශ්‍රී ලංකාවෙන් මර්දන කිරීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදන බවද කොරියානු තානාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට සහතිකවී ඇත.
 
 
 
IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන් :
 jhlsdf
 
 
අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.
 
එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.
 
එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබේ.
 
ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ.
 
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළේය.
 
මේ අතර කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුයේ, “ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මෙවැනි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් පුහුණුව ලබලා, ඒ සම්බන්ධයෙන් සුදානමින් සිටිනවා.'' යයි කියාය. 
 
 

 

 

 


 

THE LEADER TV 
 

වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ්

 

 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්