වරාය නගරය අද අවුලක් බවට පත් වී ඇත්තේ කිසිම සාකච්ඡාවකින් තොරව අසාමාන්‍ය කොන්දේසි

ඇතුළත් කර ව්‍යවස්ථා විරෝධි ලෙස මෙය ඉදිරිපත් කර ඇති නිසා යයි  'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති දේශබන්දු කරු ජයසූරිය පවසයි.

හිටපු කතානායකවරයා එබව සඳහන් කර සිටියේ, 'ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෙට දවස' නමින් ඊයේ (21) දින කොළඹ ජානකි හෝටලයේ පුරවැසි සම්මන්ත්‍රණයේ දීය.
 
ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.
 
අපේ රටට පුරවැසියන්ට බලපාන ඉතා වැදගත් කරුණු කිහිපයක්  තිබෙනවා. ආර්ථිකය ශක්තිමත් රටක ජීවත් වන ජනතාවට හොඳ ජීවන තත්වයක් ලැබෙනවා. 
 
සෑම පුරවැසියෙකුටම අවශ්‍ය එවැනි රටක ජීවත් වන්න.
 
1948 නිදහස ලැබෙන විට ආර්ථික වශයෙන් අපි ශක්තිමත් රටක්. 
 
අපි ණය නොවී සිටිය ජාතියක්.
 
එමෙන්ම ආසියාවේ ආදර්ශමත්ම රටක්.
 
කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් මෙන්ම ස්වාධීන අධිකරණයක්, නීති පද්ධතියක් ක්‍රියාත්මක වූ වාසනාවන්ත දේශයක්.
 
ස්වාභාවධර්මය අපිට උරුම කලේ ඉතා බලගතු භූගෝලීය පිහිටීමක්.
 
එසේනම් අප පිරිහුණේ ඇයි?
 
 
 
අපි ආපසු හැරී බලමු.
 
 Sinhala Buddhist
අවාසනාවන්ත සිදුවීම් වුණේ අපි ඇතිකරගත් ජාතිවාදී, ආගම්වාදී, හා දේශපාලන ගැටුම්.
 
 
අසාර්ථක හමුදා කුමන්ත්‍රණ දෙකක් හා අර්බුදකාරී අවස්ථා කිහිපයක් ඇතිවුණා.
 
සමගි සම්පන්නව එක්සත්ව ජීවත් වූ රටකට ජාතින් වශයෙන් වෙන් වෙන්න, ඈත්වෙන්න සිදු වුණා.
 
අවසාන වුණේ ලෝකයට දරුණු ත්‍රස්තවාදයක් බිහිවීමෙන්.
 
අනෙක් අවාසනාවන්ත සිදුවීම් වුණේ අපි ඇතිකරගත් ජාතිවාදී, ආගම්වාදී, හා දේශපාලන ගැටුම්.
මේවා සීමාව ඉක්මවා ගියා. 
 
දේශපාලන වශයෙන් පසුගිය අවුරුදු 72 තුළ පොදු ජාතික ප්‍රතිපත්ති එකඟත්වයක් ලබා ගැනීමට නොහැකි වුණා. 
 
මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක්.
 
බොහෝ රටවල් දියුණු වූයේ බුද්ධිමත් දේශපාලකයින් පටු දේශපාලනයෙන් බැහැරව රටට වැදගත් ප්‍රතිපත්ති තීරණ එකඟතාවයන් ඇතිකරගත් නිසා.
 
අද කෝප් කමිටුවේ හිටපු සභාපතිතුමා මෙතන සිටිනවා.
 
එතුමා කියයි අපේ රටේ රාජ්‍ය අංශයේ මුදල් බිලියන ගණනින් පිල්ලි ගැසූ ආකාරය.
 
මුදල් ට්‍රිලියන ගණනින් නිදහසින් පසු කොල්ල කා ඇති ආකාරය කවුරුත් දන්නවා. 
 
වර්තමානයේ මේ ගසාකෑම් කිහිපගුණයකින් වැඩි වී තිබෙනවා.
 
 
 
බැංකු වංචාවට වඩා සීනි වංචාව විශාලයි.
 
මෙහි සිටින සම්භාවනීය දේශකයින් වන මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව මැතිතුමන්ලා හා සුභාෂිනී අබේසිංහ මැතිණිය විසින් මේ කරුණු මැනවින් පැහැදිලි කරාවි.
 
එමෙන්ම මහා පරිමාණයේ ටෙන්ඩර් වලින් පුදුමාකාර විදියට වංචා සිදුවෙනවා.
 
සමහර අවස්ථා වලදී ටෙන්ඩර් කොන්දේසි සෑදීමේදී සිටම මෙම මහා වංචා සැළසුම් වෙනවා. 
 
මෙයට පිළියමක් වශයෙන් පසුගිය කාළයේ ප්‍රසම්පාදන කොමිසමක් ඇතිකිරීමට අප 2015 සිට ක්‍රියා කළා.
 
ලෝකයේ දියුණු රටවල ආකාරයට මෙය ක්‍රියාත්මක වුණානම්, මහා පරිමාණයේ කොල්ලකෑම් සිදුවන්නේ නැහැ.
 
නමුත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් එය ඇති කිරීමට බාධා ඇති වුණා.
 
බලවත් කොටස් විරුද්ධ වුණා.
 
අවසානයේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය විනාශ කළා.
 
ඒ කළේ මහා ජාතික අපරාධයක්.
 
මා කතා කළේ දේශපාලකයෙකු ලෙස නොව කළමණාකරුවෙකු හා පුරවැසියෙකු වශයෙන්.
 
 
 
''පහත කරුණු අවධානයට යොමුවිය යුතුයි.''
 
මා දකින ආකාරයට අනාගත සැළසුම් සකසනවිට පහත සඳහන් කරුණු අවධානයට යොමුවිය යුතුයි.
 
 
1 ) අද ලෝකයේ සමහර රටවල් එකිනෙකාට විරුද්ධව මිසයිල් සූදානම් කරගෙන සිටිනවිට ලෝක සාමයට බාධාවක් ඇතිවීමට පුළුවන්. යුධ ගිණි ඇතිවීමට පුළුවන්.
 
එම නිසා අපේ ජනතාව කුසගින්නේ නොතැබීම සඳහා රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කල යුතුයි.
 
හැකිතාක් දුරට ආහාර සුරක්ෂිතභාවය ඇතිකරගැනීම යෝග්‍ය වෙනවා.
 
ලෝකයේ බොහෝ රටවල් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.
 
 
2 )  සංචාරක ව්‍යාපාරයන් හා මැදපෙරදිග ඉපයීම් වලට වඩා අපනයනය දියුණුකරගැනීම ඉතා වැදගත්.
 
පසුගිය රජයන් කිහිපයක් මේ පිළිබඳව කතා කළත්, ඒ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.
 
සමහර දියුණු වූ රටවල තේමාව (Export or Perish) අපනයනය කරනු නැතිනම් විනාශ වනු. මේ තේමාව අපටත් යෝග්‍යයි.
 
 
3 )  අපේ රටේ භූගෝලීය පිහිටීම ඉතා වැදගත්, එය ස්වාභාවධර්මය අපට ලබා දුන් දායාදයක්.
 
ඒ නිසයි බලගතු රටවල අවධානයට අප ලක් වන්නේ.
 
එයින් අප ප්‍රයෝජන ගතයුතුයි.
 
vhhvj
 
මේ දිනවල වරාය නගරය ගැන විශාල ආන්දෝලනයක් මේ රටේ ඇති වී තිබෙනවා.
 
ලෝකයේ දියුණු වූ බොහෝ රටවල නිදහස් වෙළඳ කලාප සාර්ථකව පවත්වාගෙන යනු ලබනවා.
 
1978 යුගයේ දී මහ කොළඹ ආර්ථික කොමිසම ඇති කළා. 
බදු සහන ලබා දුන්නා.
 
(One Stop Shop) එක් වහලක් යටින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්තිය ඇතිකිරීමට පියවර ගත්තා.
 
ආනයන අපනයන රේගුවේ දී සිදු කරනවා වෙනුවට කටුනායකදී සිදු වුණා.
 
 jr
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන 
 
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන රාජ්‍ය පෞද්ගලික අංශ සහයෝගීතාවය Public Private Partnership PPP සංකල්පය ආසියාවේ පළවෙනිවරට ආරම්භ කළා.
  
ඒ අනුව රජයට අයත් ලංකා සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය කොරියානු ප්‍රසිද්ධ සමාගම් දෙකක් සමඟ සහයෝගයෙන් ආසියාවේ විශාලතම අපනයන පාවහන් කර්මාන්තශාලාව ආරම්භ කළා.
 
මුළින් දුශ්කරතා ඇතිවුණත්, ඉතා ඉක්මණින් එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වුණා.
 
එය අධ්‍යනය කිරීමට එකළ මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මැතිතුමා සහ එම මැතිණිය පැමිණියා.
 
ඉන්පසු චීනයේ අසහාය නායක මෙන්ග් සියෝ පින්ග් එතුමාගේ විශේෂ නියෝජිතයා වශයෙන් ෂැංහයි නගරාධිපති ජියාන් සමින්ග් සිංගප්පූරුවට හා ලංකාවට එවුවා. අපගේ ක්‍රියාදාමය අධ්‍යනය කළා.
 
ඉන් පසු ජියාන් සමින්ග් මැතිතුමා චීනයේ ජනාධිපති වණා.
 
මම මේ කරුණු වගකීමෙන් යුතුව සඳහන් කරන්නේ එදා ඔවුන් දෙදෙනාම කටුනායක වෙළඳ කළාපයට සහ කර්මාන්ත ශාලාවට පැමිණි විට අප සමඟ සාකච්ඡා කළ නිසා.
 
ඔවුන්ගේ රටවල් දියුණු කිරීම සඳහා ලංකාවේ මොඩලයේ වැදගත් අංගත් ඔවුන් උපයෝගී කරගත්තා. 
 
එය අප රටට ගෞරවයක්.
 CPCEC
වරාය නගරය අද අවුලක් බවට පත් වී ඇත්තේ කිසිම සාකච්ඡාවකින් තොරව අසාමාන්‍ය කොන්දේසි ඇතුළත් කර ව්‍යවස්ථා විරෝධි ලෙස මෙය ඉදිරිපත් කර ඇති බවට නීතිවේදීන් බහුතරයක් චෝදනා කරන නිසා.
විපක්ෂයත්, විද්වතුන් බොහෝ දෙනෙකුත් සඳහන් කර ඇත්තේ මෙහි සමහර යෝජනා  ව්‍යවස්ථා විරෝධී බවයි.
 
නීති සංගමයේ (Bar Council) නිරීක්ෂණ නිසාත් ප්‍රවීණ නීතිවේදීන්ගේත් අදහස් නිසා මේ සැකය ඇති වී තිබෙනවා.
 
රජය විසින් බුද්ධිමත්ව කළ යුත්තේ නීති විශාරදයින්ගේ මතයටත්, අධිකරණයේ තීන්දුවටත් හිස නමා සාකච්ඡා මාර්ගයෙන් රටට යහපතක්වන ආකාරයට පනත සකස් කරගන්නා ලෙස සත්භාවයෙන් හා ජාත්‍යාලයෙන් රජයට කියනවා.'
 
 
 

 

 


 

 

THE LEADER TV 
 

වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ්

 

 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්