එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ලබන මස 05දා නව සන්ධානයක් ගොඩනගමින් කොළඹදී පැවැත්වෙන සමුළුවේ දී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ බලය රට හමුවේ ප්‍රදර්ශනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් මේවනවිට සුදානම් වන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ, අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අද (23) දින අවිස්සාවේල්ල නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවට එක්වෙමිනි.

සන්ධානගත වන සියලූ දේශපාලන පක්ෂවල අන්‍යයතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද වික්‍රමසිංහ එහිදී පැවසිය.

ගැටුමකට නොයා බලය ගැනීමට !

මෙම නව සන්ධානය සම්බන්ධයෙන් ඊයේ (22) පැවති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ජාවට ලක්වූ අතර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කව්රුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරනතෙක් පක්ෂයට සම්බන්ධ කිසිඳු අලුත් පෙරමුණක් ආරම්භ නොකරන ලෙස එහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අගමැතිවරයා ගෙන් ඉල්ලා තිබිණ.

අලුත් පෙරමුණක් ගොඩනගන්නේ නම් එය පක්ෂය විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා විසින් ඔහුගේ අභිමතයට අනුව එවැන්නක් සිදුකල යුතු බවට ද ඔවුහු අවධාරණය කර තිබිණ.

එහෙත් අද (23) උදැසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු වෙනත් ස්ථානයක රැස්ව ඇති සජිත් ප්‍රේමදාසට හිතවත් ඇමතිවරුන් පිරිසක්, අගමැතිවරයා සමග ගැටුමකට නොගොස් සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම වඩාත් කාලෝචිත බවටත් ඒසඳහා සුදුසු පියවර එකින් එක ක්‍රියාත්මක කිරීමටත් තීන්දු කර තිබේ.

ඒ අනුව එදින කොළඹට අතිවිශාල ජනතාවක් ගෙනෙමින් සජිත් ප්‍රේමදාසගේ ශක්තිය රටහමුවේ ප්‍රදර්ශනය කිරීමට ඊයේ දිනයේ මිට එරෙහිවුවන්ද එකඟත්වයට පැමිණ තිබේ. 

සබැඳි පුවත් :
අපේක්ෂකයා නිවේදනය කරනතෙක් අලුත් සන්ධාන එපා! - රනිල්ට බලපෑම් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්