පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සන්නද්ධව සිටින දෙවැනි රාජපක්ෂ පාලනය දණ්ඩමුක්තිය නීතිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
 
 එමගින් රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධ වලට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකාව තව දුරටත් ඉවතට යමින් සිටී.
 
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජනාධිපති නියෝගයකට අනුව ක්‍රියා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හමුදා භටයන් හා නිලධාරීන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ පාලක පක්ෂයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් ආදීන්ට එරෙහිව ගොනු කර ඇති නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව සම්බන්ධ දෙදින විවාදය ඊයේ  දින ආරම්භ විය.
 
තවද, මෙම නඩු විභාග කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ඇතුළු දඬුවම් පැනවීම ද අගමැති යෝජනාවට ඇතුලත් ය.
 
 අගමැතිවරයාගේ යෝජනාව නීතියක් බවට පත් වූ වහාම එක්සත් ජාතීන් විසින් ‘සංකේතාත්මක’ යැයි හදුනාගෙන ඇති නඩු වලදී චෝදනා ලැබ සිටින හමුදා සහ නාවික හමුදා භටයන් ගණනාවක් දඬුවම් ලැබීමෙන් නිදහස් වනු ඇත.
  
එම නඩු  අතර පුද්ගලයන් එකොලොස් දෙනෙකු පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, හා මරා දැමීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග  මරා දැමීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා පැමිණවීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම ආදිය ද ඇතුළත් වේ. මේ සියල්ලම යුද පිටියෙන් පිටස්තර ව සිදුකරන ලද  අපරාධය.
 
 Murders
මෙකී සියලු  මානව හිමිකම් උල්ලංඝනය කිරීම් බැඳී ඇත්තේ අද අගමැති පදවිය දරණ තම සහෝදරයාගේ  ජනාධිපති පදවිය යටතේ වර්තමාන රාජ්‍ය නායකයා ඉමහත් බලපරාක්‍රමයෙන් යුතු ආරක්ෂක ලේකම්ව සිටි වකවානුවට ය.
   
 ජාත්‍යන්තර බලපෑම් සහ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අරගල හේතුවෙන්, රටේ ඉහළම නාවික අණදෙන නිලධාරියා වන අද්මිරාල් ඔෆ් ත ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු යුද සහ නාවික හමුදා නිලධාරීන්ට එරෙහිව උසාවියේ නඩු පවරනු ලැබිනි.
 
ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා ඇත්තේ, තම සංගමය “අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින ඕනෑම සාපරාධී ක්‍රියාවක් සම්බන්ධ නඩුවක් ඉල්ලා අස්කර ගැනීම සඳහා මේ කියන යෝජනාව භාවිතා කිරීමට දරණ ඕනෑම උත්සාහයකට ස්ථීරසාර ලෙස විරුද්ධ වන” බවයි.
   
අගමැති යෝජනාව පාර්ලිමේන්තුවට එන්නේ දේශපාලන පලිගැනීම්  පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ  තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 ජනවාරි 15 වන දින අමාත්‍ය මණ්ඩලයට කර තිබූ නියමයක් පරිදිය.
 
 බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් මේ වන විට උසාවියේ විභාග වෙමින් පවතින බොහොමයක් හමුදා නිලධාරීන්ට එරෙහි නඩු ඉවත් කර ගැනීමට මෙම කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
 
නමුත් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුනේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙනි.
 
 එහිදී ඇති වු උණුසුම් තත්වය හේතුවෙන් විනාඩි 10ක කාලයක් සඳහා සභාව කල් තැබීමට ද කථානායකවරයාට සිදුවිය.
 
 අප්‍රේල් 22 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් කථානායකවරයා පවසා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මන්ත්‍රීවරුන් 7 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට  තීරණය කර ඇති බවයි.
 
පසුගිය රජය බලයේ සිටියදී, “වින්දිතයන් බවට පත්වූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයන්, සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ පොලිස් සේවයේ නියුතු වූවන් සම්බන්ධයෙන් විමර්ශනය කර තොරතුරු ලබා ගැනීම” සඳහා මෙම කොමිසම පත් කරන ලදී.
  
පිටු දෙදහසකට අධික අවසන් වාර්තාව, 2020 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිණ.
 
 හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම, හුදෙක් “වසර 30 ක ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවන්ට” දඬුවම් කිරීමේ ප්‍රයත්නයක් බවට එම වාර්තාව තර්ක කරයි.
 
klhdlfksd
යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මුත් මේ වන තෙක්  වගවීමකට ලක් කර නොමැති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට දණ්ඩමුක්තිය ලබාදීම නීතිගත කිරීමට වත්මන් ජනාධිපතිවරයා විසින් නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී.
  
මීට වසර දෙකකට පෙර එල්ල වූ මාරාන්තික පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව, ආරක්ෂක නිලධාරීන්ට දඬුවම් නොකිරීම නීතිගත කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් යුද හමුදා නිලධාරීන් පෙරටු කොටගෙන යෝජනාවක් කෙටුම්පත් කර තිබුණි.
 
2008-09 කාලයේදී පුද්ගලයන් එකොලොස් දෙනකු පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ අතුරුදහන් කිරීම සම්බන්ධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා එහි සම චූදිතයකු වන, හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නගොඩ ද නම් කර තිබේ. අගමැතිගේ අලුත්ම යෝජනාව නීතියක් බවට පත්වීමත් සමඟම, මෙම සිදුවීමටම සම්බන්ධ රියර් අද්මිරාල් ඩී.කේ.පී  දසනායක, අණදෙන නිලධාරී සුමිත් රණසිංහ, ලුතිනන් කර්නල් ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි ද නිදොස්කොට නිදහස් කෙරෙනු ඇත.
  
කොළඹ දිස්ත්‍රික්කයේදී දෙමළ ජාතිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු වන ලුතිනන් කමාන්ඩර් එම්. එම්. ධම්මික අනිල් මාපා සහ ලුතිනන් කොමදෝරු එස්. දොන් සුමේධ සම්පත් දයානන්ද ද නිදොස්කොට නිදහස් කිරීමට නිර්දේශ කර තිබේ.
 
 Eknaligoda
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 
 
 
2010 දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පහත සඳහන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කිරීමද කොමිසමේ නිර්දේශයකි.
 
 ඒ, ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, ආර්.එම්.පී  කුමාර රාජපක්ෂ නොහොත් කෝප්‍රල් නාදන්, වඩුගෙදර විනී ප්‍රියන්ත දිලන්ජන් උපසේන නොහොත් සුරේශ්, සෙනෙවිරත්න මුදියන්සෙලාගේ රවින්ද්‍ර රූපසේන නොහොත් කෝප්‍රල් රංජි, යාපා මුදියන්සෙලාගේ චමින්ද කුමාර අබේරත්න, සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, දංගහ ගමරාලලාගේ තරංග ප්‍රසාද් ගමගේ, තෙල්ගේ එරන්ද රදිශ් පීරිස්, එස්.ඒ  හේමචන්ද්‍ර පෙරේරා, තන්තුලාගේ ටොශිනාත් ප්‍රබෝධ සිරිවර්ධන, එම්.පී.ජී  වසන්ත සුදේශ් කුමාර උලුගෙදර සහ හෙනාධීර ආරච්චිගේ හේමචන්ද්‍ර පෙරේරා යන අයයි
 
ඉහත නම් කර ඇති ඇතැමුන්ට , මෙයට පෙර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබේ.
 
 Keeth
මාධ්‍යවේදී කීත් නොයාර්
 
  
2008 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් වන පහත නම් සඳහන් සැකකරුවන් 14 දෙනා පාර්ලිමේන්තුව විසින් මෙකී යෝජනාව අනුමත කළ කල්හි නිදොස් කොට නිදහස් කරනු ඇත.
 
 මේජර් ජෙනරල් කුරුප්පු අච්චිගේ ධම්මික අමල් කරුනාසේකර, ලුතිනන් කර්නල් D.W.D.M R.P.S බණ්ඩාර දිසානායක බුලත්වත්ත, බලලත් නිලධාරී අතපත්තු හුන්කිරි ආරච්චිගේ ලසන්ත විමලවීර, මාණ්ඩලික සැරයන් සේනාධීර ආරච්චිගේ හේමචන්ද්‍ර පෙරේරා, මාණ්ඩලික සැරයන් උයන්ගේ ප්‍රභාත් දුමින්ද වීරරත්න, කෝප්‍රල් පේඩිගේ නිශාන්ත කුමාර, මාණ්ඩලික සැරයන් ශ්‍රී නාරායන මුදියන්සේලාගේ චන්ද්‍රාභය ජයසූරිය, මාණ්ඩලික සැරයන් ගොඩැල්ලවත්ත ආරච්චිගේ චාමික සුමිත්, මාණ්ඩලික සැරයන් ගල්බිදින ඇලේගෙදර ප්‍රියන්ත කුමාර සෝමසූරිය, මාණ්ඩලික සැරයන් හිටිහාමි මුදියන්සේලාගේ නිශාන්ත ජයතිලක සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ.
 
එසේම පහත සඳහන් අය ද නිදොස් කොට නිදහස් කිරීමට කොමිසම විසින් නිර්දේශ කර ඇත.
 
 ඒ, පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම සහ මිලියන ගණනින් අල්ලස් ගැනීම සම්බන්ධව ඇති, ඇවන්ට් ගාඩ් නඩුව නමින් හදුන්වනු ලබන සිදුවීමේ ලෙස සැකකරුවන් වන, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් ඩී.එම් සමන්සිරි දිසානායක, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ  අතිරේක ලේකම් ඩී.එම්  සුජාතා දමයන්ති ජයරත්න, මේජර් නිශ්ශංක යාපා සේනාධිපති, මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ වික්ටර් සමරවීර යන අයයි.
 
 Raviraj
ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවීරාජ්
 
 
2006 දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවීරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති නාවික හමුදා බුද්ධි අංශ නිලධාරි දෙලිවලගේදර ගාමිනි සෙනෙවිරත්න සහ බුද්ධි අංශ නිලධාරි කන්කානම්ගේ ප්‍රදීප් චාමින්ද නිදොස් කොට නිදහස් කිරීමට කොමිසම විසින් නිර්දේශ කර ඇත.
 
 මෙම යෝජනාව නීතියක් ලෙස සම්මත වූ පසු, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්වන, බැසිල් රාජපක්ෂ, යෝෂිත කණිෂ්ක රාජපක්ෂ, උදයංග වීරතුංග, ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය සහ තිරුකුමාර් නඩේසන් මෙන්ම පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල ද මිලියන ගණනක් සම්බන්ධ අල්ලස් හා දූෂණ නඩු වලින් නිදහස් වනු ඇත.
 
 2012 වැලිකඩ බන්ධනාගාර සංහාරයේ සැකකරුවන් වන මෝසස් රංගජීව නියොමාල් සහ ළමාහේවගේ එමිල් රන්ජන්ට එරෙහි නඩු ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් යලි සමාලෝචනය කිරීම සඳහා ද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටී.
 
 එමෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධික්ෂණ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාටද නිදහස හිමිවනු ඇත.
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අගවමින් පෙන්වා දෙන්නේ, මෙම කෙටුම්පත නීතියක් බවට පත්වීම “බලතල වෙන් කිරීමේ මූලධර්මයටත්,  නීතියේ ආධිපත්‍යයට හා අධිකරණයේ ස්වාධීනත්වයටත් අපහාසයක් වන අතර, නීතියේ නිසි ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ඉතා නරක හා සෞඛ්‍ය සම්පන්න නොවන පූර්වාදර්ශයක් සපයනු ඇති” බවයි.
  
“එම යෝජනාව සම්මත වුව ද, එය කිසියම් අධිකරණයකට හෝ  නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට කිසිදු බලපෑමක් නොවියයුතු වන අතර, එවැනි බලපෑමක් ඇති නොකළ යුතුද බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ මතය” යැයි සංගමයේ ලේකම් රජීව් අමරසූරියගේ අත්සනින් යුතු නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබේ.
 
 කිසිඳු සාපරාධී ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් උසාවියක් ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවක් ඉල්ලා අස්කර ගැනීම සඳහා මෙම මතභේදාත්මක යෝජනාව භාවිතා කිරීමට දරන ඕනෑම උත්සාහයකට තදින්ම විරුද්ධ වන බවට ප්‍රතිඥා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ එම යෝජනාව ඉදිරියට ගෙන යාම නවත්වන ලෙසයි.
 
 
 

 

 


 

 

THE LEADER TV 
 
 

රුපියල උස්ස උස්සා පොළවේ ගහන ආණ්ඩුවේ ජෝන් සීනා

 

වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්