පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසිය යටතේ
(public security ordinance) හි 12(1) වගන්තිය බලාත්මක වනු ඇති බවත්, එමගින් කියවෙන්නේ හමුදාව කැඳවීමට බලය ලබාදීම බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
එම පනතේ 12(2) වන්තිය මගින් එසේ කැඳවන හමුදාවෙ සාජන් වරයකුට ඉහල නිලධාරියකුට පරික්ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ (search and arrest) බලතල හිමිවන බව ද ඔහු කියා සිටියි.
එ අනුව අද සිට එම බලතල හිමිවන්නේය.
අවශ්‍ය නම් එ සඳහා තවත් රෙගුලාසියක් ගෙන ඒමට හැකියාව තිබේ.
නමුත් ඊයේ සම්මතවු හදිසි නීති රෙගුලාසිය මත හමුදා නිලධාරියකුට PSO හි 12(2) යටතේ මෙම බලය ක්‍රියාත්මක කල හැකි බවද නිතිග්නශිරාල් ලක්තිලක වැඩිදුරටත් පවසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන සමයේ දි පැවති හදිසි නීති තත්වය යහපාලන සමයේදී අවසන් කරන ලද අතර නැවතත් එම හදිසි නීති තත්වය අප්‍රේල් 20 දා සිට බලාත්මක වන්නේය.
ඒ යටතේ පොලිසියට පමනක් සීමාවී තිබු බලතල මෙතැන් සිට හමුදාවටත් භාවිතා කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
THE LEADER TV
port cityයට වෙනම නීතියක් මොකට ද? -ධනනාත් ප්‍රනාන්දු
රුපියල උස්ස උස්සා පොළවේ ගහන ආණ්ඩුවේ ජෝන් සීනා