පාර්ලිමේන්තු මහලේකම්ගේ කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන මූලික වැටුපෙන් 30% විශ්‍රාම වැටුපට එකතු කිරීමටත්, පාර්ලිමේන්තු මහලේකම්ගේ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස සීමාව වැඩි කිරීමටත්
තීරණය කොට  ඇත. 
 
අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කථානායකගේ නිලමැදිරියේ පැවැත්වු කාර්ය මණ්ඩල උපදේශක කමිටු රැස්වීමේ දී එම තීරණය ගෙන තිබේ. 
 
දැනට පාර්ලිමේන්තු සේවකයින් විශ්‍රාම ගන්වනු ලබන්නේ රජයේ සාමාන්‍ය සේවකයින් මෙන් වයස අවුරුදු 60න් වන අතර, මෙහිදී එම වයස් සීමාව 63 හෝ  65 දක්වා වැඩි කිරීම සඳහා අනුමැතියට ඉදිරිපත් කොට ඇත.
 
කෙසේ වුවද මෙම උපදේශක කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත යෝජනා සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිර්දේශයන් සහිතව අමාත්‍ය මණ්ඩල තීන්දුවට  යටත් වන ලෙසය.
 
මීට පෙර 2019 වර්ෂයේ මුලදී ද එවකට පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක රැස්වීමකදී මේ ආකාරයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩයේ වැටුප් අති විශාල ලෙස වැඩි කිරීමට කරන ලද යෝජනාවක් එවකට සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත ඉදිරිපත්වූ අවස්ථාවේ දී, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිර්දේශ සලකා බලා යම් සහනයක් ලබාදීමට කටයුතු කොට තිබිණ.
 
 
දැනට රාජ්‍ය සේවයේ සේවය කරන අනෙකුත් සියලුම සේවකයින්ට වඩා වැටුප්, අමතර දීමනා හා පහසුකම් රාශියක්  ලබන පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අනෙකුත් රාජ්‍ය සේවකයින්ට නොලැබෙන මෙවැනි විශේෂ වරප්‍රසාදයක් ලබා දීමෙන් ඉදිරියේ දී රාජ්‍ය සේවය තුළ බරපතල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිබව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහසවී තිබේ.
 
පාර්ලිමේන්තු පැවැත්වනුයේ ද මසකට දින 08ක් පමණක් වන අතර, ඒ වෙනුවෙන් වැයවන අති විශාල මුදලින් වැඩි කොටසක් වැය වන්නේ සේවක නඩත්තුව වෙනුවෙනි. 
 
මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද දින පාර්ලිමේන්තුවේ දි සදහන් කර සිටියේය.
 
 
##################
 
 
THE LEADER TV 
 
වගකීමක් නැති උද්ධච්ච පාලනය නිසා රට පුරාම කොරෝනා අවධානමක්! - රවී කුමුදේශ් 
 
 
 
මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්