මහාපරිමාණ අපරාධ සහ දූෂණ වංචා නඩු පැවරී ඇති හමුදා නිලධාරීන්, ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්
සහ පවුලේ සාමාජිකයන් ගලවා ගැනීම සඳහා අගමැතිවරයා විසින් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පිරිසක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ නීතිගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජනාධිපති නියෝගයකට අනුව යමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් අප්‍රේල් 23 දා නිමාවට පත් විය.
 
අගමැති මහින්ද රාජපක්ෂ විසින් සභාගත කොට ඇති යෝජනාව ශ්‍රී ලංකාවේ දණ්ඩ මුක්ති සංස්කෘතිය උග්‍ර අතට හරවන සහ නීතියේ ආධිපත්‍යයට බිඳ දමන්නක් ලෙස හෙලා දකින ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ)  එය නම් කොට ඇත්තේ “දණ්ඩමුක්ති යෝජනාව” ලෙසටයි.
  
“බරපතල උල්ලංඝන සම්බන්ධයෙන් අවම තරමේ අංශුමාත්‍ර හෝ වගවීමක් ඇතිකිරීම සඳහා වීරිය දරමින් අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන වැඩ කොටසට බාධා පමුණුවන මෙම ‘දණ්ඩමුක්ති යෝජනාව’ පාර්ලිමේන්තුව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුය,” යි ICJ කොමිසමේ නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සීඩර්මාන් පවසා තිබේ.
 
 Ian Seiderman
Ian Seiderman, ICJ’s Legal and Policy Director.
 
 
බරපතල මානව හිමිකම් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා ඇති නඩු අතලොස්ස අතරින් අපරාධකරුවන්ට දඬුවම් පමුණුවා ඇතිද නඩුද ඇතුළුව විමර්ශන සහ දඬුවම් ඉවත් කර ගන්නා ලෙස කොමිෂන් සභා වාර්තාව ඉල්ලා සිටින බව විවාදය නිමා වුනු දිනයේ නිකුත් කරන ලද නිවේදනය පෙන්වා දෙයි.
 
එය අධිකරණයේ ස්වාධීනත්වයට කරන ඇඟිලි ගැසීමක් බවට ICJ අනතුරු අඟවයි.
 
“උසාවි තීන්දු හා අධිකරණ කාර්ය පටිපාටිය අධිකරණ ව්‍යුහයෙන් පරිබාහිරව තක්සේරු කර ඇති හෙයින් මේ ‘දණ්ඩමුක්ති යෝජනාවේ’ අන්තර්ගත නිර්දේශ අධිකරණයේ ස්වාධීනත්වයට මැදිහත් වීමක් වෙයි,” යනුවෙන් ඉයන් සීඩර්මාන් වැඩිදුරටත් පවසා තිබේ.
 
අපරාධකරුවන් සහ චූදිතයන් නිදහස් කිරීමට එහා යමින් ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කළ නීති නිලධාරීන්ට දණ්ඩ නීති සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ නඩු පැවරීමට කර ඇති නිර්දේශයද  ICJ විසින් දැඩි ලෙස හෙලා දැක තිබේ.
  
“වෘත්තික සහ ව්‍යවස්ථාපිත රාජකාරියේ යෙදීම නිසා නීතිඥයන්ට සහ අභිචෝදකයන්ට එරෙහිව පියවර ගැනීමට කරන නිර්දේශ නිදහස් සහ ස්වාධීන නීතිඥ වෘත්තියට ගසන දැඩි ප්‍රහාරයක් වන අතර එම නිර්දේශය වහාම ප්‍රතික්ෂේප කළ යුතුයැ,” යි යි ICJ කොමිසමේ නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ වැඩිදුරටත් පවසයි.
 
නීතිඥ වරුන්ටත්, අභිචෝදකයන්ටත් බියෙන් සැකෙන් මෙන්ම ඇඟිලි ගැසීමකින් තොරව රාජකාරි කරගෙන යාමට ඉඩ සැලසීම එක්සත් ජාතීන්ගේ මූලධර්ම සහ මාර්ගෝපදේශ අනුව රාජ්‍යයේ වගකීමක් බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම අවධාරණය කර තිබේ.
 
 
 
 
 
සබැඳි පුවත් :

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්