රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් යන මහත්වරුන්, පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නැතැයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් තහවුරු කර තිබියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බව නීතිඥ රුෂ්ඩිහි හබීබ් (Rushdhie Habeeb, Attorney-at-Law) පවසයි.
 
සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවක් බවද ඔහු කියා සිටියි.
 
නීතිඥ රුෂ්ඩිහි හබීබ් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 
 
 
''පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරු අද (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගැනීමෙන් පසු, අජිත් රෝහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයකයන්ට ආධාර අනුබලදීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් සහ එතුමාගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා යනු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයාය. එතුමාගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරු සිව්දෙනෙකු තේරී පත්ව සිටිති. එයට අමතරව පළාත් පාලන ආයතනවල සභිකයන් 169 දෙනෙකු එතුමා නායකත්වය දරන පක්ෂය නියෝජනය කරති. 
 
සමස්ත මුස්ලිම් ජනතාව මේ ගත කරමින් සිටින්නේ ශුද්ධ වූ රමසාන් උපවාස සමයයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර දැනුවත් කළ සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දී තිබේ. ඒ  ආකාරයෙන් පූර්ව දැනුවත් කිරීමකින් තොරව අලුයම 01ට පමණ නිවසට පැමිණ කිසිදු හේතුවක් සඳහන් නොකර අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගති ලක්ෂණවලට අනුගත නොවන බව අප සඳහන් කරමු.
 
රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ල, ශ්‍රේෂාඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම විසින් විභාගයට ගෙන අවසන් කර තිබේ. 
 
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ආධාර, අනුබල දුන් බවට, කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂිවලින් සනාථ වී නැත. ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ද බවට කිසිදු සාක්ෂියක් එම කොමිෂමට ඉදිරිපත් ව නැත. එවන් පසුබිමික, සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතිවෙන අවස්ථාවකි.
 
මෙය දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. පසුගිය ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් සහය පළ කළහ. 
 
සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාව සියලු දෙනා රට තුළ සහයෝගයෙන් ජීවත් වුවද, වත්මන් ආණ්ඩුව විවේචනය කරන ජාතික තලයේ සිටින මුස්ලිම් දේශපාලන නායකයන් අසීරුවට ලක් කිරීමේ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම අප දකිමු.''
 
(උපුටා ගැනීම අවසන්)
 
 
රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර !
 

jjsdfමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර 

 
පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් අවසර ලබා දී ඇත.
 
අමාත්‍ය සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මීට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදිය.
 
ඒ අනුව පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි සිය නිවසේදිය.
 
 
 
දවසේ  'හිට් එක' !
 
 රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය අද දිනයේ සමාජ මාධ්‍ය පුවත් අතර ප්‍රමුඛතම පුවත බවට පත්ව තිබේ. 
 
 සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝදෙනෙකු ආණ්ඩුවේ හැසිරීම දැඩි හාස්‍යයෙන් යුතුව කරුණු ඉදිරිපත්කර ඇති නමුත් ආණ්ඩුව පක්ෂපාති ඇතැම් කොටස් එම බෙහෙවින් අගයකර ඇති බව පෙනේ. 
 
සමාජ මාධ්‍ය තුල පලවී ඇති එක් සටහනක මෙසේ සඳහන් වේ. 
 
 Rishad 2021 7
 

Rishad 2021 5

Rishad 2021 4
Rishad 2021 3
 

Rishad 2021 2

Rishad 2021 1
 
ආණ්ඩුවට තියෙන ප්‍රශ්න අඩුවුන ගමන්
මිනිහව නිදහස් කරනවා.
 
ඊයෙත් ඇරස්ට් කරන්නෙ,
"අනේ සොරි සර්" කිය කිය.
 
සිය පාරක් බදියුදීන් ව අත්තඩංගුවට අරන් නිදහස් කලත්,
එකසිය එක්වෙනි පාරට අත්තඩංගුවට ගද්දිත් බයියො කිරිබත් කනවා. 
 
ඒ නිසා "අනේ බදියුදීන් උදව්වක් විදියට
අත්තඩංගුවට පත්වෙන්න" කියනවා ඇති.
 
ඇරස්ට් කරද්දි බදියුදීන් හිනාවෙලා කියනවා,
"කිව්වනම් මම එනවනෙ" කියලා.
 
 
 

 
 
උවිඳු කියන කතාව :
 
 
මේ අතර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙවැනි පොස්ටුවක් පළකර තිබේ. 

 6hfh

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්