වාතයෙන් බෝ වෙන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්ත වී ඇති කථාව, බොරුවක් බව
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.
 
එම සටහනේ මෙසේ සඳහන් වේ.
 
වාතයෙන් බෝවෙන නව කොරෝනා වෛරසයක් ව්‍යාපත වී ඇති බව පැවසෙන සියලු වාර්තා සත්‍යයෙන් තොරයි. 
 
කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබඳව විවාදාත්මක තත්වයක් වෛරසය පැතිරුණු මුල් වකවානුවේ සිට බොහෝ  පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී තිබුණු අතර ඒ පිළිබඳව තවමත් ස්ථිර නිකමනයකට එළඹී නැත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ආධාර සහිතව සිදු කෙරෙන පරීක්ෂණයක් මගින් එම වෛරසය වාතය මගින් පැතිර හැකි බවට කිසියම් කථිකාවක් පසුගිය ඔක්තෝබරයේ සිට ලොව පුරා සාක්ච්චා වෙමින් පවතින අතර, හිටි හැටියේම එය අද ඊයේ කරලියට පැමිණි අදහසක් ලෙස විශාල ප්‍රචාරයකට ලක් කරමින් තිබෙන්නේ, පසුගිය මාර්තු මාසයේ සිට PCR පරීක්ෂණ නොකරමින් අත්තනෝමතිකව ගණු ලැබූ තීරණවල වරද සඟවා ගන්න්නට විය හැකිය.
  
කොරෝනා  වාතයෙන් පැතිරීමේ  අවධානමක් සහිත රෝගයක් විය හැකි බැවින් ඊට පූර්ව වශයෙන් සූදානම් වීම වැදගත් බව අපද පිළි ගන්නා අතර, ඒ  සදහා සූදානම් විය යුතු තත්වයන් පිළිබඳව වාර්ථාවක් අප පසුගිය ඔක්තෝබරයේ ලබා දුන් වාර්ථා කිසිදු අවධානයකට ලක් නොකරමින්, හිටි හැටියේ "එයර් බෝන් වසංගතයක්" කරලියට ගැනීමෙන් අප වරදා ගත් තැන නිවැරදි කිරීමට නොහැකි වන බැවින්, වසංගත පාළණයේ ඉදිරිය සදහා එය බරපතල බාධාවකි.  
 
නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට අලුතින් ඇතුලු වූ කථාවද එවැනිම ප්‍රලාපයක් වන අතර, ප්‍රභේද හදුණා ගැනීමට අවශ්‍ය උපකරණ ඉල්ලන විටදී එය මග හරිමින් සිට් සෞඛ්‍ය බලධාරීන්, නොකල පරීක්ෂණ වල ප්‍රතිඵල කියන්නට හදිසිවී තිබේ. 
 
ශ්‍රී ලංකාව තුල ප්‍රභේද හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කල හැකි එකක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති අතර අවම තරමින් ප්‍රභේද අනුමාන කල හැකි PCR කට්ටල පවා භාවිතයට ගැනීමට PCR ප්‍රතික්‍රීයක මාෆියාකරුවන්ගෙන ඉඩ ලැබී නැත.
  
 PCR පරීක්ෂණ අවම කිරීම හේතුවෙන්, ප්‍රභේද හදුනා ගැනීමට පරමාණවත් තරම් නිදර්ශක ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් ප්‍රභේද පිළිබඳ ඔවුන්ද මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදු කර නොමැත.
 
හමු වන රෝගීන්ගේ රෝග ලක්ෂණ "එංගලන්ත ප්‍රභේධයට" සමානකම් පවතින නමුත්  එය ශ්‍රී ලංකාව තුල පවතින බව අවථා  කිහිපයකදීම තහවුරු කර ඇති බැවින්, එය රට තුලට හිටි හැටියේ අළුතින් ඇතුලුවීමක් ලෙස සැලකිය නොහැක.
 
එනයින් විධිමත් පරීක්ෂාවකින් තොරව,  රටට නව ප්‍රභේධයක් ඇතුළු වී ඇති බව හා එය වාතයෙන් බෝවන් බව ප්‍රචාරය කිරීමට විශාල උත්සාහයක් ගෙන ඇත්තේ, මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී PCR පරීක්ෂණ අඩාල කල නිලධාරීන්ගේ වැරදි වසා ගැනීමටය.
 
 
කොරෝනා නව ප්‍රභේදයෙන් මිනිස් සිරුරට වන බලපෑම බරපතලයි !
 
Covid984t 
 
කෙසේවුවද රජයේ ඇතැම් වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ, මේවනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදුවන බවයි. 
 
 ඔවුන් පෙන්වා දෙන්නේ රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් වූ අවස්ථා ඉකුත් දින කිහිපයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් දක්නට ලැබුණු බවයි.
 
එහිදී ආසාදිතයෙකු රෝහලට පැමිණීම ප්‍රමාදවීමම, එම රෝගියාගේ ජීවිතය අනතුරේ හෙලීමක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවති.
 
 ඒ අනුව මේවනවිට ව්‍යාප්ත වන වෛරසය ආසාදනය වන පුද්ගලයින්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. 
 
 මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය තරුණ පිරිසට ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ද පවති.
 
මේ වන විට රට තුළ ව්‍යාප්ත වන නව ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ  විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න මෙසේ පැවසුවාය. 
 

 
''මීට පෙර අවස්ථාවේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනවා වැනි රෝග ලක්ෂණ පළමුව මතුවුණා. එහිදී ව්‍යාප්ත වූ වෛරසයේදී නියුමෝනියා තත්ත්වයක් ඇතිවුණේ මෙවැනි රෝග ලක්ෂණ පළමුව මතුවී අවසානයේදීයි. 
එහෙත්, මේවනවිට පවතින තත්ත්වයේදී රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නියුමෝනියා තත්ත්වයට පත්වන වෙනවා.'' ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න පෙන්වා දෙයි.
 

 
මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ සියයට 20 ක් පමණි.
 
ඔවුන් අතරින් දැඩි සත්කාර ඒකකවලට යොමු කර තිබුණේ සියයට 5 ක පමණ ප්‍රමාණයකි.  ඒ අනුව ඔක්සජින් සැපයීමේ අවශ්‍යතාව පැවතුනේ අවම මට්ටමකය. එහෙත් මේ වන විට තත්ත්වය ඊට වඩා වෙනස් වෙමින් තිබේ.
 

 
''මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සම්ප්‍රේෂණය වීම සිදුවුණා. එහෙත්, මේවනවිට ව්‍යාප්ත වන ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට පමණ සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. එය අවම තත්ත්වය වන අතර ඊට වඩා වැඩි පිරිසකට වුවද, වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියි.''  ඇයි ඇය පවසන්නීය.
 
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවේ මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය වාතය තුළ පැය එකහමාරක් වැනි කාලයක් පැවැතිය හැකි බවයි. 
 

 
ශ්‍රී ලංකාවේ මේවනවිට පැතිරෙන්නේ කුමන වෛරස් ප්‍රභේදය දැයි මේවනතෙක් අනාවරණ කර ගෙන නොමැත. ඒ සම්බන්ධයෙන් මේවනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ. දැනට සිදුකර ඇති අනුමානයන්ට අනුව නව ප්‍රභේදය බ්‍රිතානයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර යන ප්‍රභේදයට සමානකමක් දක්වන බව ප්‍රකාශ කෙරේ.

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්