වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අනුව, කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් ව්‍යවස්ථාවට පක්ෂපාතී බවට දිවුරුම් දීමට අවශ්‍ය නැති බවත්, එයට හේතු වන්නේ එය පෞද්ගලික සංස්ථාවක් මිස
රාජ්‍ය සංස්ථාවක් නොවන නිසා බවත් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.
''එහි අරමුදල් සඳහා ප්රාග්ධනය සපයනු ලබන්නේ චීන රජය සතු වාණිජ රාජ්‍ය ව්‍යවසායක් විසිනි. එම නිසා චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් මෙන්ම එරට පුරවැසියන් ද කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කල හැක. ඔවුන්ට වෙනත් ස්වෛරී රටකට පක්ෂපාති බවට දිවුරුම් දිය නොහැක.'' යයි එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමිනි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාගය පසුගිය සතියේ දින කිහිපයක්ම පැවැත්විණ.
එහිදී සාහිත්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක ගාමිණි වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින්, එම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් මෙරට නීති අභිබවා යන තත්වයක් පෙන්නුම් කරන්නේ යැයි සඳහන් කළේය.
එම පනත් කෙටුම්පත මඟින් කොළඹ වරාය නගර කලාපය වෙනම ස්වාධීන රාජ්‍යයක තත්ත්වයකට පත් කොට ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස නොව වෙනත් රටකට අයත් කොටසක් ලෙස සලකා එහි ආරම්භ කරනු ලබන ව්‍යාපාර හිමියන්ගේ අභිමතය මත පමණක් පිහිටා කටයුතු කිරීමට ඉඩහැරීම රටේ ජාතික ආරක්ෂාවට පමණක් නොව භෞමික අඛණ්ඩතාවට ද බලවත් තර්ජනයක් වන්නේ යැයි ද ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
වරාය නගරයේ තීන්දුව කතානායකට:
වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයිද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලමින් ඉදිරිපත් කොට පෙත්සම සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දැනුම් දෙන බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බවද පෙන්වා දෙමින් ඉදිරිපත් කොට තිබු මෙම පෙත්සම් දින 05 ක කාලයක් පුරා විභාගයට ගත් අතර පෙත්සම් විභාගය අවසන් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
සබැඳි පුවත් :
##################
THE LEADER TV
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් !
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස", වැඩ බැරි ඇමතිවරු ?