පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය දිනකිහිපයේ හි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ ආන්දෝලනාත්මක

තොරතුරු ඇතුලත් වාර්තාවක් කතෝලික පූජක පක්ෂයට භාර දීම අද (26) පෙරවරුවේ කොළඹ දී සිදුවිය.
 
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් වෙත එම වාර්තාව පිළිගන්වා තිබේ.
 
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, නලීන් බණ්ඩාර, හර්ෂ ද සිල්වා යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර ඔවුන් පිරිස කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරුන්, නිකායන් වල ප්‍රධානීන් සහ කන්‍යා සොයුරියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. 
 
මෙම සාකච්ජාව මරදාන CSR ආයතනය තුළ  දී පැවැත්වීමට කටයුතු කර තිබුනද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එවැනි රැස්වීමකට ඉඩදිය නොහැකිබව පොලිසිය විසින් දැනුම්දී තිබිණ. එම තත්ත්වය තුල අදාල හමුව පැවැත්වුයේ කොළඹ නගරයේ වෙනත් දේවස්ථානයක් තුළයි.
 
විශේෂයෙන්ම මෙම හමුවේදී,  පසුගිය දිනවලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සහ නගන ලද ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
 
 

 
 
එම කරුණු හෙළිදරව් කිරීම මත, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව තැත්කරන බවත්, ඒ හරහා පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සහ සැලසුම්කරුවන් පසුපස හඹායන සියළු දෙනාවම මර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් පෙන්වාදී ඇති සජබ මන්ත්‍රී කණ්ඩායම, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කතෝලික සභාවේ කඩිනම් මැදිහත් වීමක් සිදුකරන ලෙස පියතුමන්ලා ගෙන් කාරුණික ඉල්ලිමක් ද කර තිබේ. 
 
 
 
 
සහරාන් ඇතුළු කණ්ඩායමට පෝෂණය කළේ කව්ද?
 
 
 
විශේෂයෙන්ම සහරාන් ඇතුළු කණ්ඩායම වැටුප් ගෙවා පෝෂණය කළේ කව්ද යන්න අදටත් නිසි විමර්ශනයකින් අනාවරණය කරගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂි, කරුණු රැසක් ඉදිරිපත් වී තිබියදීත්  ආණ්ඩුව හිතාමතාම පරීක්ෂණ නොමග යවමින් සිටින බවටත්, මෙහි යුක්තිය සාධාරණත්වය ඉටුකරගැනීමට නම්, කතෝලික සභාව විසින් කඩිනමින් ජාත්‍යයන්තර පරීක්ෂණයක් ඉල්ලමින් රජයට බලපෑම් කළයුතු බවත්, ඒ වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස තමන්ද කොන්දේසි විරහිතව කතෝලික සභාව සමග පෙනීසිටින බවටත් මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර තිබේ.
 
එමෙන්ම තමන් ශ්‍රී රදගුරු සමුළුවටද මේ සම්බන්ධ ඉතා වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවටත්, කඩිනමින් ඒ සඳහා අවස්ථාවක් සලසාදෙන ලෙසත් සජබ මන්ත්‍රී පිරිස මෙහිදී ඉල්ලා ඇත. 
 
මන්ත්‍රී කණ්ඩායම විසින් පැමිණ සිටි ගරු පියවරුන්ට සහ කන්‍යාසොයුරියන්ට පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී වරුන් සිදුකළ කතා ඇතුළත් සී.ඩී පටයක් හා පත්‍රිකාවක්ද බෙදා දී තිබේ.
 
එම පත්‍රිකාවෙන් මතුකරන ලද කරුණු පහත දැක්වේ.
 
 

 
 
බරපතල ප්‍රශ්න පත්‍රයක් !
 
 
 
# පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව තෝරාගෙන තිබෙන නවුෆර් මවුලවිගෙන් සාක්ෂි ලබාගැනීම සදහා පාස්කු කොමිසම හමුවට කැදවූයේ නැත්තේ ඇයි? පාස්කු කොමිසමේදී ඔහු මහ මොළකරු ලෙස හදුනාගැනීමට නොහැකිවුනේ ඇයි?
 
 
#  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විසින් කළ පරීක්ෂණ අනුව අයි.පී. ලිපිනයක් හරහා ගොස් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියාගෙන් කටඋත්තරයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී හමුදා බුද්ධි අංශ පැමිණ ‘‘මෙය අපේ ව්‍යාපෘතියක්’’ යැයි පවසමින් එම බුද්ධි අංශ නිලධාරියා රැගෙන ගියේ ඇයි?
 
 
# මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කළ අධ්‍යක්ෂවරු හතර දෙනෙක්ම මාරු කර තිබෙන්නේ ඇයි? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජයසිංහ, තිසේරා, ලොකුහෙට්ටි, කළණසිරි, රංජිත් වෙදසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නුවන් අසංක, කාන්තා පොලිස් පරීක්ෂකවරුන් වන දර්ශිකා කුමාරි, හෙල්ලඋඩගේ, හේවාපතිරණ, දීපානි මැනිකේ, පොලිස් පරීක්ෂකවරුන් වන කීර්තිසිංහ, ඇල්ලෙපොල සහ විජේතුංග යන නිලධාරින් මාරු කර යැව්වේ ඇයි?
 
 
#  මාතලේ පොඩි සහරාන් නමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුවීමට ගිය 'සොනික් සොනික්' නමින් හැදින්වෙන නම භාවිතා කළ බුද්ධි අංශ නිලධාරියා කවුද?
 
 
#  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ගැන නීතිපතිවරයා සමග සාකච්ජා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහාභාගීවිය යුතුව තිබියදී එයට හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් සහභාගී වන්නේ ඇයි? එසේ සහභාගී වන හමුදා බුද්ධි අංශ නිලධාරියා කවුද?
 
 
#  ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවාගැනීමට උත්සාහ ගත්, එම උත්සාහය අසාර්ථක වූ පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී බෝම්බය පුපුරවාගත් පුද්ගලයාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරීන් කවුද?  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවාද?
 
 
# ප්‍රහාරකයෙක්ගේ බිරිද වන සාරා නැමති කාන්තාව මිය ගිය බවට සාක්ෂි නොමැතිව තිබියදී සහ ඇය ජීවතුන් අතර ඉන්නා බවත් ඉන්දියාවට ගොස් ඇති බවත් අර්ජුන් හීන්කෙන්ද නැමති නිලධාරියා අනාවරණය කර තිබියදී සාරා මිය ගිය බව පවසමින් ඇය ගැන තොරතුරු වසන් කිරිමට සරත් වීරසේකර ඇමැතිවරයා උත්සාහ ගන්නේ ඇයි?
 
 
 
 

 
 
 
#  සාරාට විදේශගතවීමට උපකාර කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබියදීත් ඒ ගැන පරීක්ෂණ නොකරන්නේ ඇයි?
 
 
#  අප්‍රේල් මස මැදදී සහරාන්ගේ ගිණුමට රුපියල් ලක්ෂ හාරසියයක් ලැබෙන්නේ කාගෙන්ද?
 
 
#  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප්‍රේල් 4 වැනිදා ලැබුණ තොරතුර ලබාගත් නිලධාරියා කවුද? එසේ තොරතුරු තිබියදී ඒ ගැන වැඩිදුර විමසීමට එය හඹා නොගියේ ඇයි?
 
 
#  ප්‍රහාරයකයින් ත්‍රීමා නැමති දුරකතන ඇප් එක හරහා කතා කරන විට ප්‍රහාරය ප්‍රමාදවීම පිළිබද බොස් සිටින්නේ අසතුටින් බව පවසා තිබෙන බව හෙළිදරව් නොකරන්නේ ඇයි? මේ අසතුටින් සිටින බොස් කවුරුන්ද?
 
 
#  රජයේ මෙහෙයවීමට බාහිරව කටයුතු කරන බුද්ධි අංශ නිලධාරීන් කවුරුන්ද?
 
 
 
ආණ්ඩුව කළයුත්තේ මේ පිළිබඳව සිය අවධානය යොමුකොට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය, වින්දිතයින් බවට පත්වූ අයට සාධාරණය ඉටු කිරීම සහ මෙහි අබිරහස හෙළිදරව් කොට ජනතාවට සත්‍යයේ දොරටු විවර කිරීම බව පෙන්වා දී ඇති සජබ මන්ත්‍රී කණ්ඩායම නමුත් ආණ්ඩුව සිදු කරන්නේ පණිවිඩකරුට වෙඩි තැබීම බව  මෙහිදී අවධාරණය කර තිබේ.
 
 
##################
THE LEADER TV 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 
 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්