ඉන්දියානු ජාතිකයන්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී වෙනත් රටවල්වලට පිටත් කර යැවීම සදහා
පෞද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන වහා අත්හිටුවිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.
 
''වත්මන් රජය කොරෝනා වෛරසය ව්‍යාපාරික කටයුත්තක් බවට පත්කරගෙන තිබෙනවා." යයි ද ඔහු කියා සිටියි.
 
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන එබව පවසා සිටියේ,  අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.
 
“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගොදුරු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”
 
අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මාධ්‍යට නිකුත් කළේය.
 
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ජනතාව අනතුරට හෙළීමක් වන බව ද මන්ත්‍රීවරයා  කියා සිටියේය.
 
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙසේද සඳහන් කළේය.
 
 
'ට්‍රැවල් බබල්' ව්‍යාපෘතිය යටතේ විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමේ දී ඒ සඳහා අනුමැතිය ලබාදීමේ බලය හිමිවන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙතයි. 
 
එහෙයින්, කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පැවසිය. 
 
“සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ.”
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය.
 
“රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු තවදුරටත් සඳහන් කළේය. 

 

 

 


 

THE LEADER TV 
 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්