මෙරට විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට නොහැකිව ඇති තත්ත්වයක් මතුව ඇති  නිසා එම ක්ෂේත්‍රයට අදාල නීති ප්‍රතිසංස්කරණය සහ සම්පාදනය කිරීම අත්‍යාවශ්‍ය මෙන්ම,
ප්‍රමුඛත්වය ලබාදිය යුතු කර්තව්‍යයක් බව හිටපු ලෝක රූ රැජින වන ශ්‍රී ලාංකීය කැරොලයින් ජූරි (Caroline Jurie) පවසයි.
 
ඇය එබව සඳහන් කර ඇත්තේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය වෙත ලිපියක් යොමුකරමිනි.
 
දේශපාලනයට අනුබද්ධවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නැතැයි අවධාරණය කර සිටින කැරොලයින් ජූරි,  අවම පහසුකම්වලින් නූතන ලෝකයේ ඉහළම තරගබිම්වල තරග කර ජයගෙන, ශ්‍රී ලංකා මාතාවගේ ධජය දරා ඇති නිසා, මා මෙම  කරුණු දැක්වීම සිදු කරන බවද කියා සිටියි. 
 
 Piyal Nishantha B
 
මින් ඉදිරියේ දී කාන්තාවන් මුල් කර ගනිමින් සිදුකරන එවන් ජාතික වැඩසටහන් සංවිධානය කිරීමේදී කාන්තාවන්ගේ අභිමානය සහ ගරුත්වය රැකෙන පරිදි නියාමනයක් සිදුකරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පසුගියදා ප්‍රකාශකර තිබිණ.  
 
 
 
ඊට ප්‍රතිචාර දක්වමින් කැරොලයින් ඒ. ජූරි විසින් අමාත්‍යංශ ලේකම්වරියට යොමුකර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ. 
 
 
'විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නීති සම්පාදනයෙන්, සාධාරණ සහ සමාන අවස්ථාවන් ඇති වේදිකාවක් යනු වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බවට පත් කිරීම'  
 
 
 
 
''විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රයේ තරග නියාමන කතිකාවට පසුබිම නිර්මාණය කළ, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී සිදු වූ අනපේක්ෂිත සිදුවීම නිසා, කැරොලයින් ජූරි නම්වන මා ගැන මේ වනවිට ඔබේ කණවැකී ඇති බව විශ්වාස කරමි.
 
ජාත්‍යන්තරයේ තරග වැද, අපේ රටට කීර්තිය සහ ජයග්‍රහණ ගෙන එන්නට තරම් දක්ෂයින් අප අවට සිටියි. එනමුත්,
තවමත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට අපේ රටේ බිම්මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට නොහැකිව ඇත. 
 
ඒ නිසා එම ක්ෂේත්‍රයට අදාල නීති ප්‍රතිසංස්කරණය සහ සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය මෙන්ම, ප්‍රමුඛත්වය
ලබාදිය යුතු කර්තව්‍යයකි.
 
දේශපාලනයට අනුබද්ධවීමට කිසිදු අපේක්ෂාවක් මා තුළ නැති බව තහවුරු කරන අතර, අවම පහසුකම්වලින් නූතන ලෝකයේ ඉහළම තරගබිම්වල තරග කර ජයගෙන, ශ්‍රී ලංකා මාතාවගේ ධජය දරා ඇති නිසා, මා මේ කරුණු දැක්වීම සිදු කරමි.
 
 
 
විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තරයේ මට්ටමට ප්‍රමිතිගත කිරීමේ ඵලදායී කතිකාවට මූලික වූ තැනැත්තිය ලෙස, මගේ අරමුණ වන්නේ තත්ත්ව, තරාතිරම්, බෙදීම් සහ භේද වලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය කිරීමයි. එවිට පසුගියදා සිදු වූ ඛේදජනක සිදුවීම අනාගතයේ කිසිදිනෙක නැවත සිදු නොවනු ඇත්තේය.
 
 
 
කිරුළු දහසක් ආරක්ෂා කිරීමට එක් කිරුළක් ආයෝජනය කිරීමෙන්, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර
වේදිකාවන් පවා නියාමනයට ලක්කිරීමට පෙළඹවීමට හැකි නම්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වයට ලෝකයම ගරු
කරනු ඇති බවට, ඔබද මා සමඟ එකඟ වනු ඇති බව මම විශ්වාස කරමි.
 
ලෝකයේ පළමුවරට, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය සහ තරග නියාමනයට ලක් කරන, රටක් ලෙස අපි ඉතිහාසගත වෙමු.
 
එම අරමුණ සැබෑවටම ළඟා කරගැනීමට සඳහා අතිශයින් වැදගත් වන පහත සඳහන් කරුණු කිහිපය ඔබේ අවධානයට දැක්වීම මගේ වගකීම ලෙස සළකමි.
 
 
 
# විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය වාණිජ කර්මාන්තයකි.
 
 
# වෙළඳ සන්නාම සහ අළෙවි ප්‍රවර්ධන ප්‍රජාවගේ අනුග්‍රහයෙන් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය පෝෂණය ලබා බලගැන්වෙයි. මෙම ක්ෂේත්‍රයේ සංවිධානය කරන තරගවලින් ජයගන්නා ජයග්‍රාහකයින්ට, වෘත්තීය ප්‍රවීණයින් වීමට සහ තමන්ගේ ජීවිතය ඉදිරියටම යෑමට මහඟු අවස්ථාවන් හිමි වේ. 
 
 
# අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ඔසවා තැබීමට සහ බලගැන්වීමට යොදාගත හැකි ඉතා ඵලදායී වේදිකාවක් වන විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය, සැමට සාධාරණ සහ සමාන අවස්ථාවන් තහවුරු කරන වේදිකාවක් විය යුතුමය.
 
 
# විදේශ ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට සමත්, ඵලදායී මෙන්ම විනිවිදබව තහවුරු කිරීමට නීති සහ ප්‍රතිසංස්කරණ සම්පාදනයේදී විෂේශ අවධානය ලබාදිය යුතුය.
 
 
ප්‍රමිතිගත විගණනය.
 
 
 
#  මූල්‍යමය සහ මෙහෙයුම් පටිපාටි සියල්ල, සංවිධායකවරුන්ට පරිබාහිර සුදුසුකම්ලත් ස්වාධීන පාර්ශවයක විගණනයට ලක්විය යුතුය. 
 
 
# තරග සංවිධානයේ ඵලදායීතාව සහ විනිවිදභාවය පවත්වාගැනීම පිළිබඳව සාරාංශයක් සහ මූල්‍ය විනය
පිළිබඳව වාර්තාවක් ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතුය.
 
 
ජූරිය.
 
# විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයින් ස්වාධීන විය යුතු අතර, තරගකරුවන් හෝ තරගකාරිනියන් සමග කිසිදු මූල්‍යමය හෝ ප්‍රද්ගලික සම්බන්ධතාවයක් නොපැවැත්විය යුතු බව තහවුරු කිරීමෙන්, පක්ෂපාතීත්කම් සහ බලපෑම් නිසා සිදුවන අසාධාරණය සහ අපහසුතාවය වැළැක්විය හැකිය.
 
 
# අනුග්‍රහය දක්වන වෙළඳ සන්නාම, ආයතන හෝ පුද්ගලයින්, විනිශ්චය මණ්ඩලයට පුද්ගලයින් තේරීමේ ක්‍රියාවලියට බලපෑම් සිදු නොකරන බවට තහවුරු කළ යුතුය.
 
සහභාගිවන තරගකරුවන්ගේ ආරක්ෂාව.
 
 
 
# කිසිම තරගකරුවෙක් හෝ තරගකාරිනියක්, කිසිම ආකාරයක ලිංගික අපයෝජනයට ලක්නොවිය යුතුය.
මූල්‍ය හෝ වෙනත් බලපෑම්වලින්, සිතු මනාපයට තරගයේ නීතිරීති වෙනස් කිරීමට, ඉතා කුඩා අවකාශයක්වත්
නොතැබිය යුතුය.
 
 
 
නෛතික අවබෝධතා ගිවිසුම්.
 
 
# සියලුම තරගකරුවන් සහ තරගකාරිනියන්, නීතිවේදීන් විසින් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුම්වලට එළැඹිය යුතුය.
 
 
# විනිශ්චය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් සහ තරග උපදේශකවරුන්, නීතිවේදීන් විසින් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුම්වලට එළැඹිය යුතුය.
 
 
# තවද, මෙම අරමුණ වෙනුවෙන් දිවෙන නීති සහ නියාමන ක්‍රමවේදයන් සම්පාදනය කිරීමේ බැරෑරුම් කර්තව්‍යය සඳහා මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ව සහ දක්ෂයින්ව එකතු කරගැනීමටද අප යුහුසුළු විය යුතුය.
 
 
විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයෙන් අප රටට ලබාගත හැකි සේවය අති මහත්ය. අපේ රටට සහ එහි සියලු ජනතාවට ප්‍රතිලාභ සහ සුබ සිද්ධිය හිමිවන බව තහවුරු කිරීම සඳහා, සැමට සමාන වූත් සාධාරණ වූත් විලාසිතා සහ නිරූපණ තරග වේදිකාවන් නිර්මාණය කිරීම අපගේ වගකීම වන්නේ එබැවිනි.
 
 
 
මේ කර්තව්‍යයේ අවශ්‍යතාවය හඳුනාගැනීම සහ වැදගත්කම අවබෝධ කරගැනීම ගැන මගේ අවංක ස්තූතිය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.
 
කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් පමණක් බව, අපි ලොවට පෙන්වමු.
 
 
ස්තුතියි, 
මෙයට 
කැරොලයින් ඒ. ජූරි
 
 
 

J1 sinhala 2021.04.27

KJ English 2021.04.27 
 
 
 
 
සබැඳි පුවත :
 
 
 
 
 
##################
THE LEADER TV 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්