කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ  නිරෝධායන නීති කඩකළ
පුද්ගලයන් සීයකට අධික ප්‍රමාණයක් ගෙවී ගිය පැය විසි හතරක කාලය තුලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ, ඉකුත් පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ, දුරස්ථභාවය තබා නොගත් හා මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 108ක් අත්අඩංගුවට ගත්බවයි.
 
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අප්‍රේල් 27 අගහරුවාදා ඔහු ඒ බව සදහන් කර තිබුනි.
 
පසුගිය වසරේ ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීම් වලට අදාලව අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3755ක් බව ඔහු සදහන් කරයි.
 
මේ අතරින්  බහුතරයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි.   
 
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ වැඩි දුරටත් සදහන් කරන්නේ, අත්අඩංගුවට ගත් පිරිසෙන් 3600කට පමණ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.
 
දීර්ඝ සති අන්තයකින් පසුව සතිය ආරම්භ වන අද දිනයේදී රැකියාවට යන සියලු දෙනාම සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණය කරගන්නා ලෙසත්, නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ඉල්ලා සිටි.
  
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අප්‍රේල් 26 සදුදා රාත්‍රී 10.50 ට නිවේදනය කර තිබුනේ එදින පමණක් ආසාදිතයන් 997 ක් වාර්තා වු බවයි.
 
මෙරට තුලින් දැනට වාර්තා වී තිබෙන සමස්ත වෛරස් ආසාදිතයන් ගණන 102376 කි.  එයින් 647 දෙනෙකු මේ වන විටත් ජීවිතයට සමු දී තිබේ.
 
එසේවෙතත්, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කොට ඇත්තේ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක ආර්ථිකයට හානිකර හෙයින්, රට අගුලු ලෑම හෝ ඇඳිරිනීතිය පැනවීම සිදු කරන්නේ නැති බවයි.

 

 

 


 

THE LEADER TV 
 

පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!

 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්