රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්
ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව ඇත.
 
 රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 22 දා ජනාධිපති මන්දිරයේ දී, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවේ දී අවධාරණය කර සිටියේය.
 
 
''රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. එහෙත්, වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වෙලා. ඊට ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළයි.  නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරනවා.'' යයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
 
මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් කරන බව ද පැවසිය.
 
වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
  
තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළ බව පැවසු ජනාධිපතිවරයා, රට වෙනුවෙන් එම අපේක්ෂා ඉටු කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ද කියා සිටියේය.
 
 
 
හදිසි කැබිනට් පත්‍රීකාවක් !
 
ජනාධිපතිවරයා එසේ පැවසු පරිදිම ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් හදිසි කැබිනට් සන්දේශයක් ඉදිරිපත්කර ඇත. 
 
එහිදී ඇතැම් අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීමට අවශ්‍යබව පවසද්දී ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශකර ඇත්තේ තමා ජනධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටුකිරීම තවදුරටත් පමා කළ නොහැකි බවයි. 
 
කෘෂිකර්ම ඇමති මහින්දාන්නද අලුත්ගමගේ ජනාධිපතිවරයාගේ තීන්දුව අගයමින්, කාබනික පොහොරවලින් මෙරට කෘෂිකර්මාන්තය ගොඩදැමිය හැකිබවට සහතික වී ඇත. 
 
 
ජනාධිපති විසින් ඉදිරිපත්කළ කැබිනට් සංදේශය පහත පළවේ. 

 

1

2

3

4 p

5

6

7

8

9

 

 

 


 

THE LEADER TV 
 

පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!

 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්