සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පසුගියදා කිතුණු පියතුමන් අතට පත්කළ

පාස්කු ප්‍රහාරයේ රහස්‍ය වාර්තාව පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස රහස් පොලීසිය, සමාජ හා ආගමික කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, මුජිබර් රහුමාන්, නලීන් බණ්ඩාර හා හර්ෂ ද සිල්වා වැනි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය දිනකිහිපයේ හි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ ආන්දෝලනාත්මක තොරතුරු හා එම සිද්ධියට අදාළ වෙනත් රහස්‍ය කරුණු ඇතුලත් වාර්තාවක් සජබ මන්ත්‍රීවරුන් විසින් කතෝලික පූජක පක්ෂයට භාර දීම පසුගිය 26දා පෙරවරුවේ කොළඹ දී සිදුවිය.
 
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, නලීන් බණ්ඩාර, හර්ෂ ද සිල්වා යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර ඔවුන් පිරිස කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරුන්, නිකායන් වල ප්‍රධානීන් සහ කන්‍යා සොයුරියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබිණ. 
 
විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් එසේ කතෝලික පියවරුන් මුණ ගැසී, පාස්කු ප්‍රහාරයට අදාල  තොරතුරු සහ රහස් ලියකියවිලි  ලබා දුන්නා යැයි සැලකෙන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය ගරු පියතුමන්ලා කිහිපනමකගෙන්  මේවනවිටත් ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.
 

 
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළදී පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ඉතා වැදගත් තොරතුරු සහ කරුණු රැසක් හෙළිදරව් කිරීමත් සමගම, ආණ්ඩුව තුළ මෙන්ම කතෝලික ප්‍රජාව තුළ බරපතල නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
 
 වහාම ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් 'පාස්කු ඉරිදා ප්‍රහාරයේ' වගකීම ආණ්ඩුව පිට පැටවෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇතුළු ආණ්ඩුවේ කතෝලික මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවේ බලධාරීන්ට මේවනවිටත් අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ.
 
 jkldjf
සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවක්...
 
 
රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාව සහ ඔහුගේ සොහොයුරාව හදිසියේම අත්අඩංගුවට ගනු ලැබුවේත්, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන්නෙත් විපක්ෂ මන්ත්‍රීවරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මතුකරන ලද ඉතා වැදගත් කරුණු සමාජගතවීම වැළක්වමින්, ජනමතය වෙනතකට යොමුකිරීමට බව බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි. 
 
කෙසේ නමුත් සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් ගරු පියතුමන්ලාට ලබා දුන් ලේඛන මේවන විටත් ශ්‍රී ලංකා රදගුරු සමුළුවට හා වතිකානයටද යොමු කර ඇති බවත්, ඊයේ සහ අද දිනයේ මහනුවරදී පැවැත්වෙන රදගුරු සමුළු රැස්වීමේදී මෙම රහස්‍ය ලේඛන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇති බවටත් විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ. 
 
මේ අතර වතිකානුවේද සහාය ඇතිව, පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යයන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට මෙරට කතෝලික පියතුමන්ලා කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවද පැවසේ.
 
 jhkdfsd
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය...
 
 
 
සජබ මන්ත්‍රීවරුන්ගේ ලිඛිත ඉල්ලීම :
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ තොරතුරු ඇතුලත් රහස්‍ය වාර්තාවක් ලබාදීම සඳහා රදගුරු හිමිපාණන් ඇතුළු සමස්ථ රදගුරු සම්මේලනය හමුවීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙස ද සජබ මන්ත්‍රීවරුන් කතෝලික පූජකතුමන්ලා ගෙන් ඉල්ලිමක් කර තිබිණ.  
 
එම ලිඛිත ඉල්ලීමේ මෙසේ සඳහන්ව ඇත. 
 
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති,
අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් ඇතුළු සමස්ථ රදගුරු සම්මේලනය සහ
ගරු. පූජක, පැවදි කතෝලික ආගමික නායකයින් වෙත,
 
 
මෙරට සමස්ත කිතුණු  ප්‍රජාවත්, පොදුවේ මුළු මහත් ශ්‍රී ලංකා වාසීනුත් භීතියට පත් කරමින් මීට දෙවසරකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ  බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තවමත් ඇත්තේ බරපතළ කම්පනයක් මෙන්ම එහි සත්‍ය ජනතාව ඉදිරියේ හෙළිදරව් නොවීම පිළිබඳව වූ දැඩි අභිරහසකි.
 
ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින්, වින්දිතයින් සිය ගණනක් ඇති කරමින් ද සිදු වූ මේ ප්‍රහාරය සම්බන්ධ සියලු තොරතුරු දැනගැනීමේත්, ඒ අබිරහස විසඳා ගැනීමේත් අයිතිය ඒ වින්දිතයින්ටත්, කිතුණු ප්‍රජාවටත්, සමස්ත රටවැසියාටත් තිබේ. මේ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීමේ වගකීම් විරහිත බව පිළිබඳව වැරදිකරුවන්ට  දඩුවම් ලබා දියයුතු බවට තර්කයක් නැත.
  
එමෙන්ම, මේ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළ කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් සොයා ගැනීම සියල්ලටම වඩා වැදගත් ය. 
 
කිතුණු භක්තිකයින් ස්වකීය සුවිශේෂී ආගමික දිනයේදී දේවස්ථාන කරා එළඹ ආගමික කටයුතු වල යෙදෙන අතරතුර එල්ල කරන ලද මෙම බියගුළු ප්‍රහාරයන්හී සැලසුම්කරුවන්, මෙහෙයුම්කරුවන් සහ මහ මොළකරුවන් පිළිබඳව දැන ගැනීමේ අයිතිය ඔවුන් සතුව තිබේ. 
 
මේ සත්‍ය හෙළිදරව් කරනවා වෙනුවට, ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ සත්‍ය හෙළිදරව් කරන ලෙස අරගල කරන විපක්ෂයේ මහජන නියෝජිතයින් සහ මෙරට සිවිල් ක්‍රියාදරයන්  ඉලක්ක කරගෙන පලිගැනීමේ ක්‍රියාවලියක් දියත් කිරීමයි.
 
 
පාස්කු ප්‍රහාරයේ වාර්තාව අනුව සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩනය පමණක් පිටු තිස්හත් දහසකට අධික බව වාර්තාවේ දැක්වේ. සාක්ෂිකරුවන් 457 දෙනෙකුගේ සාක්ෂි සටහන් මෙම පිටු 37,314 තුළ ඇත. වෙළුම් 86 කින් පාස්කු ප්‍රහාර වාර්තාව සමන්විත වන නමුත් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත්තේ එහි පළමු වාර්තාව පමණකි. නමුත් බුද්ධි නිලධාරීන්ගේ සාක්ෂි මෙන්ම බුද්ධි අංශය ක්‍රියාත්මක වීමට අදාළ සාක්ෂි ප්‍රසිද්ධ නොකරන ලෙසටද මෙහි දක්වා තිබේ. 
  
#  ටාජ් සමුද්‍රා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගැනීමට උත්සාහ කොට එය අසාර්ථකවීමෙන් පසු දෙහිවල ‘ට්‍රොපිකල් ඉන්’ ලැගුම්හලේදී බෝම්බය පුපුරුවාගත් බෝම්බකරුගේ බිරිඳ පොලිසියට හා කොමිසම හමුවේ දුන් සාක්ෂිය ගැටලු සහගතය. එය ප්‍රසිද්ධියට පත්ව නොමැත. මේවායේ සත්‍ය අසත්‍යතාවය රට දැන ගතයුතුය. 
 
 
#  මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්තානයේ බෝම්බකරු ලෙස හදුනාගත් මොහම්මදු හස්තුන්ගේ බිරිද වන සාරා ඉන්දියාවට පලාගොස් ඇති අතර ඇගේ සාක්ෂි මෙම ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමේ  දී  අතිශය වැදගත් වේ.
 
මෙවැනි අන්තවාදී ප්‍රහාරයක් සිදුවන බවට අවස්ථා කිහිපයකදී මෙරට බුද්ධි අංශ වලට සහ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිළධාරීන්ට අනතුරු ඇගවීම් සිදුකර තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් කොමිසම ප්‍රශ්න කළද සහරාන් හෂීම් ඇතුළු තවුහීද් ජමාද් හා අන්තවාදී මුස්ලිම් පිරිස් 2015 ආණ්ඩුවට පෙර යුද්ධය පැවති සමයේ සහ යුද්ධයෙන් පසු කාලයේ මෙරට හමුදා බුද්ධි අංශ සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවත් ඔවුන් පෝෂණයකර වැටුප් පවා ගෙවා ඇති බවත්, වත්මන් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු මෙන්ම අග්‍රාමාත්‍යවරයාද පිළිගෙන තිබේ.
 
එයින් තහවුරු වන්නේද හදුනාගත් අන්තවාදීන් පිරිසක් තමන්ගේ කාලයේ සිට පෝෂණයකර සන්නද්ධකර පවත්වාගෙන ගොස් ඔවුන් විසින් මෙවන් ත්‍රස්ත ක්‍රියාවක් සිදුනොකොට වළක්වා ගැනීමේ වගකීම එම පාර්ශවයන්ද සතු බවයි.
  
විපක්ෂයේ මන්ත්‍රීවරු හඩ නගන්නේ මේ අබිරහස් හෙළිදරව් කරන ලෙසය. ඒ එහි සත්‍ය සමස්ත රටවැසියාට දැන ගැනීමට ඇති අයිතිය උදෙසාය. එහෙත්, මේ ප්‍රශ්න කිරීම් අබියස ආණ්ඩුව සිදුකරන්නේ එම අරගලයට දායක වන විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීම ය.
 
එබැවින්, විශේෂයෙන්ම කිතුණු  ප්‍රජාව ඉලක්කකොට සිදුකළ මේ සාහසික ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව් කරගැනීම එම ප්‍රජාව නියෝජනය කරන ආගමික නායකයින් ලෙස ඔබතුමන්ලාගේද අපේක්ෂාව බව අප විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් අරගල කරන විපක්ෂ මන්ත්‍රීවරු සහ සිවිල් ක්‍රියාකාරීන් වෙත ඔබතුමන්ලාගේ මැදිහත්වීම සහ පෙනීසිටීමත්, ඔවුන් දිගින් දිගටම පසුගිය කාලවකවානුව තුළ පාර්ලිමේන්තුව සහ ඉන් පිටතදීත් අනාවරණය කරන ලද සුවිශේෂි කරුණු පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙසත්, අපේක්ෂා කරමු.
 
මේ පිළිබඳව සමස්ථ ‍රදගුරු මණ්ඩලය සමග තොරතුරුද සහිතව සාකච්ඡා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනක් සදහා සුදුසු දිනයක් හා වේලාවක් ලබාදෙන මෙන්ද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ''
 
 
සබැඳි පුවත් :
 

 


 

 

THE LEADER TV 
 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image