පසුගිය සති දෙකක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28කට අයත්  පාසල් සිසු දරු දැරියන් 43 දෙනෙකුට හා ගුරුවරුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි  ඇති බව ගාල්ල
දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.
 
මෙම ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 143 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
  නිරෝධායනයට ලක්කර අය අතර පාසල් සිසු දරු දැරියන් 41 දෙනෙකු ගුරුවරු 102 නෙකු සිටින බව ඔහු කියා සිටියේය.  
 
මින් වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තා වි ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 16  දෙනෙකි. 
 
මිට අමතරව ගාල්ල මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් පාසල් දරු දැරියන් 04 දෙනෙකු හා ගුරුවරු 03 නෙකු, උඩුගම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් සිසු දරු දැරියන් 05 දෙනෙකු, අම්බලන්ගොඩ හා බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් පාසල් දරු දැරියන් දෙදෙනා බැගින් වාර්තා වි ඇති බව ඔහු සඳහන් කළේය. 
 
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් පාසල් දරු දැරියන් 03 නෙකු, බෝපේ පොද්දල හා ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් පාසල් දරු දැරියන්  දෙදෙනා බැගින් වාර්තා වි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
පසුගිය 27 වැනිදින තුල පමණක් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28කින් කොරෝනා වෛරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 29 දෙනෙකු හා  ගුරුවරුන් 03නෙකු වාර්තා වි ඇති බවද ගාල්ල දිස්ත්‍රික්ක සෞඛ්‍ය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. 
 
 
ජාතික පුවත්පතක 14 කට පොසිටිව් !
 
 
 
මේ අතර ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘ, ප්‍රවෘත්ති සංස්කාරක ඇතුළු මාධ්‍යවේදීන් 14දෙනෙකුට කොවිඩ් අසාදනය වී ඇති බව වාර්තා වේ. 
 
පෙරේදා කරන ලද PCR පරීක්ෂණ වලින් පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට තහවුරු වී ඇති අතර අනෙකුත් පුද්ගලයින් අද සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් අසාධිතයින් බවට තහවුරු වී ඇත. PCR පරීක්ෂණ 35 ක් දැනට කර ඇත.
 
 
මේ අතර මත්තේගොඩ පිහිටි ඇල්ෆා කම්හලේ සේවකයින් 5 දෙනෙකු කොවිඩ් අසාධිතයින් බවට වාර්තා වේ.
 
 
මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි
 
 
 
 
 මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
 
අද (28) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍ර‌භේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බවයි.
 
කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් මෙම අධ්‍යනය සඳහා යොදා ගෙන තිබේ.
THE LEADER TV 
 

පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්!

 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්