ප්‍රජාතන්ත්‍ර විරෝධීව අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, වහා නිදහස් කරන ලෙස බල කරමින් ජනතා විරෝධතාවක් අද (28)
වව්නියාවේදී පැවැත්වින. 
 
කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ, දුරස්ථභාවය ආරක්ෂා කරමින් එම විරෝධතාව සංවිධානය කර තිබිණ.
 
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කළහ.
 
176364608 4537947269554766 2304595984493090447 n
 
පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නොමැති බවට තහවුරු වී තිබියදී, විවිධ පාර්ශ්වයන්ගේ දේශපාලන වුවමනාවක් ඉටු කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජනතාවට සේවය කිරීමට කැපවී සිටින මෙවැනි ජනතාවාදී නායකයන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටකට නොගැලපෙන බවද විරෝධතාකරුවෝ පැවසුහ.
 
විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාවය නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර දැමීමට විරෝධතාකරුවන්ට සිදුවිය. 
 
 
 

 
කල්මුනේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය 
 
 
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කල්මුණ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කළු පටි පැළඳ විරෝධතාවය පළකර තිබිණ.
 
 
WhatsApp Image 2021 04 28 at 4.32.33 PM
 
 WhatsApp Image 2021 04 28 at 4.32.34 PM
 
##################
 
 
THE LEADER TV 
 
 
රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක් 
 
 
 
පාර්ලිමේන්තු බහිරවයින්ට ආණ්ඩුවෙන් වාහන 225ක පිදෙනියක්
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්