වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) රාත්‍රී යළි මෙරටට පැමිණ තිබේ.


ඔහු ඊයේ (23) රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බව ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔහු මෙසේ දිවයිනට පැමිණියේ සිංගප්පූරුවේ දී සිදු කරන ලද ශල්‍යකර්මයකින් පසු සති හයක පමණ විවේකයෙන් අනතුරුවය.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලක ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් එම අධිකරණයට එකී නඩුව විභාගයට ගැනීමට බලයක් නැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

බාධා නොතකා 11 වැනිදා ජනාධිපති අපේක්‍ෂක :

මේ අතර ලබන අගෝස්තු මස එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මංගල මහා සමුළුව පැවැත්වෙන අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එම පක්‍ෂයේ නායකත්වයට පත්කිරීමටAjith P prera කටයුතු යොදා ඇති  අතර අනතුරුව ඔහු විසින් මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට නියමිතය.

මේ අතර පොහොට්ටු පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ සමග සටනට එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු අදියරෙන් අදියර ක්‍රියාත්මක වනබව එම පක්ෂයේ ඇමතිවරයකු 'ද ලීඩර්' වෙත පැවසිය.

මෙවර පක්ෂයෙන් පිටින් එන කිසිඳු අයකුට පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කිරීමට නොදෙන බව ඇමති අජිත් පී පෙරේරා පවසයි.

'එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ 77 න් 66 ක් ම ඉල්ලන්නේ සජිත්ව. මේ සැරේ පක්ෂයට පිටින් එන කිසිම අපේක්ෂකයෙක්ට අපගේත්, අපගේ පාක්ෂිකයන්ගේත් කිසිම සහයක් නෑ.' යයි ඔහු සඳහන් කලේ 'හිරු' නාලිකාවේ සජීවී වැඩසටහනකට එක්වෙමිනි.

 

සබැඳි පුවත්

''ගෝඨාට ඇමරිකාවෙන් බාධාවක් නැහැ, ජනාධිපති ලෙස දිව්රුම් දෙනවා''

ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්!

ගෝඨා 'බාධකයක්' ජයගනී! - ඇමරිකාවෙන් සහතිකයක්!

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ -නලින් ද සිල්වා

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්