ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා ආසාදිතයින් 185ක්
දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.
 
කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රොගවලින් පෙළෙන්නන්ට වයිරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.
 
 
යුරෝපා රටවල කොවිඩ් වසංගතය බරපතල ලෙස පැතිර යද්දී ආසදිතයින්ට නිවෙස්වල සිටම ප්‍රතිකාර ගැනීමට සැලැස්සු අතර බරපතල රෝගී තත්ත්වයක් මතුවූ අවස්ථාවක දී පමණක් රෝහල්ගත කරනු ලැබිය. 
 
 
'ආණ්ඩුවේ කයිය විතරයි…! අවුරුද්දට ම දුන්නේ ICU ඇඳන් 18යි' 
 
ICU BED
 
දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව වැඩි කරන බවට පසුගිය වසර පුරා රජය නොයෙකුත් වාගාඩම්බර දෙඩුව ද එම වසරේ වැඩි වී ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 18ක් පමණක් බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.
 
“දැඩි සත්කාර ඒකකවල ඇඳන් අරහෙ හදනවා මෙහෙ හදනවා, පිටින් ගේනවා නොයෙක් දේවල් පහුගිය අවුරුද්දෙ කිව්වා. නමුත් වැඩිවෙලා තියෙන්නෙ ඇඳන් 18යි.
 
IDH එකේ තියෙන්නෙ ICU ඇඳන් 8 යි. ඊළඟට තෙල්දෙණිය ප්‍රධානතම රෝහලක් කෝවිඩ් සඳහා වෙන් කරපු, ඒකෙ ඇඳන් 6යි. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකවල ඇඳන් තියෙන්නෙ 24යි. නුවර එළියෙ 5යි. ජාතික රෝහලේ 96යි. මුල්ලේරියාව 8යි. මාරවිල 2යි තියෙන්නෙ. දඹුල්ල 3යි. පේරාදෙණිය 15යි. මඩකළපුව 15යි. බදුල්ල 20යි. කෑගල්ල 6යි. වතුපිටිවල 5යි. මාතර 15යි. ඊළඟට බස්නාහිර පළාතම ගත්තොත් 2020 දී තියෙන්නෙ ඇඳන් 193යි.
 
අද දවසකට කොරෝනා රෝගීන් දහසකට වැඩිය වාර්තා වෙනවා. ඉතිං මේ අය අසාධ්‍ය තත්ත්වයට පත්වුණොත් මේගොල්ලො ඇතුළත් කරන්නෙ කොහේටද කියන ප්‍රශ්නයක් ඉතාම ඉක්මන් අනාගතයේදී ඇතිවෙන්න පුළුවන්”.
 
ඔහු මෙබව කියා සිටියේ 27දා පැවති මාධ්‍ය හමුවකදීය. 
 

 
 
''අවුරුදු 70ක් ආණ්ඩු පාලනය කරපු රටේ තවමත් තියෙන්නේ ICU ඇඳන් 700යි'' 
 
මේ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන්නේ, මාරුවෙන් මාරුවට අවුරුදු 70ට වැඩි කාලයක් ආණ්ඩු පාලනය කරපු රටේ අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර ගන්න මේ වෙනකොට තිබෙන්නේ ICU ඇඳන් 700ක ප්‍රමාණයක් බවයි. 
 
එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
 
“ඊයේ දිනය (27) තමයි ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් හඳුනාගත් දිනය. කොරෝනා රෝගීන් වාර්තා වන්නේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සාපේක්ෂවයි. පහුගිය කාලේ ආණ්ඩුව පීසීආර් පරීක්ෂණ අඩු කළා. ඒ නිසා රෝගීන් අඩුවෙන් වාර්තා වුණා. පසුව ඊයේ පෙරේදා ආණ්ඩුව තීරණය කළා දිනකට පීසීආර් 15,000 සිදුකළ යුතුයි කියලා. නමුත් ඒ ප්‍රමාණය කරන්නේ නැහැ. 
 
පීසීආර් වැඩි කළ නිසා ගම්වලින් පවා රෝගීන් වාර්තා වීමට පටන් ගත්තා. ඒ වගේම අද වන විට දිනකට මිය යන රෝගීන් ප්‍රමාණයත් වැඩිවෙලා තිබෙනවා. කණගාටුවට කරුණ වන්නේ මාවනැල්ල රෝහලේ අයි.සී.යූ. බෙඩ් එකක් නොමැතිව රෝගියෙකු මිය යෑමයි. 
 
ලංකාවේම අයිසීයූ බෙඩ් තිබෙන්නේ 700කට ආසන්න ප්‍රමාණයක්. අවුරුදු ගාණක් රට පාලනය කරපු ආණ්ඩුවලට බරපතළ රෝගීන් බේරාගැනීමට අවශ්‍ය අවම පහුසුකම් ටික හදල දුන්නේ නැහැ. ඔවුන් ඒකට අසමත් වෙලා තිබෙනවා.
 
 
 
ජනාධිපතිගේ උත්තරේ ?
 
පසුගිය දවසක ජනාධිපතිවරයා ‘ගම සමඟ පිළිසඳර’ වැඩ සටහනකට මීමුරේ ගිය වේලාවේ ගම්වාසියෙකු කිව්වා එම පළාතේ රෝහලට පීසීආර් යන්ත්‍රයක් නැහැ කියලා. ජනාධිපතිතුමා කිවුවේ මේ වෙලාවේ පීසීආර් නෙවෙයි වැදගත් එන්නත දීම තමයි වැදගත් කියලා. එන්නත තමයි උත්තරේ කියලා. රටේ ප්‍රධානියා පීසීආර් වැඩක් නැහැ කියනකොට සියලු බලධාරීන් සෞඛ්‍ය අංශ පීසීආර් අතහරින එක පුදුමයක් නෙවෙයි. 
 
ඇත්තම කතාව මේ ආණ්ඩුව කොරෝනා සම්බන්ධ අවධානය අතහැරියා; නිදැල්ලේ යන්න ඇරියා. ආණ්ඩුව නිතරම උත්සහ කළේ කොරෝනා රෝගීන් සහ මරණ අඩුවෙනවා කියලා ඒත්තු ගන්වන්න. ඒ වෙනුවෙන් පීසීආර් ප්‍රමාණය අඩු කළා. ජනතාවත් අවදානම නොසලකා හැරියා. සංචරණය සීමා කර ගත්තේ නැහැ.
  
 අවුරුදු උත්සව සමයේ ජනතාව හැසුරුණ විදිය අපි දැක්කා. වෛද්‍යවරු කියා සිටියා, අවුරුදු සමයෙන් පසුව කොරෝනා වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් ආණ්ඩුව ඒවා නොසලකා හැරියා. 
 
LATE CITY DM 1 9711
විෂය භාර ඇමතිතුමිය කියනවා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා සංචරණ සීමා ඇති කරන්න කියලා කියූ නමුත් එම යෝජනාව පරාජය වුණා කියලා. ඇය තමයි මේ විෂය භාර ඇමතිතුමිය. එතුමියට ඉහළින් කවුද මේ තීන්දු ගන්නේ. එතන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. කවුද මෙය නොසලකා හැරියේ.
  
පසුගිය කාලේ යුක්රේන ජාතිකයින් ලංකාවට ගෙනාවා. සමාජ විරෝධය එල්ල වෙමින් තිබියදී ආණ්ඩුව එම විරෝධය නොසලකා මෙම යුක්රේන ජාතිකයින් ගෙන්නුවා. දෙවැනි රැල්ල ඇතිවුණේ යුක්රේන ජාතිකයින්ගෙන් කියලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාව සඳහන් වෙලා තිබුණා. 
 
 
කටුනායක හෝටලයක නතර වෙලා හිටපු යුක්රේන ජාතිකයින්ගෙන් දෙවැනි රැල්ල ආවා කියලා. නමුත් ආණ්ඩුව ඒවා නොසලකා හැරියා. ඒවායේ ප්‍රතිඵල තමයි දැන් මේ එන්නේ.
 
ඒ වගේම ආණ්ඩුව අසමත් වුණා කෝවිඩ් එන්නත නිසි පරිදි ජනතාවට ලබාදෙන්න. ලක්ෂ 09කට ආසන්න ප්‍රමාණයක් තමයි ලබාදුන්නේ. ඒ අයටත් දෙවැනි මාත්‍රාව නැහැ.
 
 අප්‍රේල් 02 වෙනිදා දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුයි. ලෝකය පුරාවට පිළිගත් එකම ක්‍රමවේදය එන්නත නම්, එය ලබාදෙන්න රජය වහාම නිසි පියවර ගත යුතුයි. නමුත් අපේ රටේ එම ක්‍රියාවලිය ඉතාම අවිධිමත්. අපේ රටේ ජනගහනය දෙකෝටි විසිලක්ෂයක් පමණ වෙනවා. 
 
සෞඛ්‍ය බලධාරීන් කියන විදියට එක්කෝටි හතලිස් ලක්ෂයකට වත් එන්නත ලබාදුන්නොත් පමණයි, රට තුළ කොවිඩ් පාලනය කළ හැක්කේ. නමුත් අපේ රටේ මේ වනතෙක් ලබාදී ඇත්තේ ලක්ෂ 09කට පමණයි. ඒකත් පළමු මාත්‍රාව පමණයි. මේක බරපතළ තත්වයක්. මෙයට හේතුව වුණේ ආණ්ඩුව මෙය සැහැල්ලුවට අරගෙන අවදානම නොසලකා හැරීමයි.
 
covid india 2021 
ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ඉන්දියාවේ තත්වය බරපතළයි කියලා පෙන්වන ගමන් අපේ රට ඊට වැඩිය හොඳ තත්වයක තිබෙන බව පෙන්වන්න උත්සහ කරනවා. 
 
 
ඇත්තටම මීට වඩා හොඳට පාලනය කරපු රටවල් ලෝකයේ තිබෙනවා. ඒවා මේ රටේ ජනතාවට පෙන්වනවනම් හොඳයි, ජනතාවගේ දැනගැනීම පිණිස. වියට්නාමය ගත්තාම කොරෝනා රෝගීන් හමුවී ඇත්තේ දෙදහස් අටසියගාණයි. මැරිලා තිබෙන්නේ 35ක් පමණ. ඒවා පෙන්වන්නේ නැහැ. 
 
ඉන්දියාව බරපතළ තිබෙන තත්වයක ඉන්නවා. ඒ තත්වය පෙන්වලා මෙහෙ බැරිකම වහගන්න හෝ ඊට වඩා මෙහෙ හොඳයි කියලා කියාගන්න හදන එක නිෂ්ඵල දෙයක් ලෙසයි අපි දකින්නේ.
 
කෙසේවෙතත් පැහැදිලිවම ගත්තොත් රටවල් අතර සංසන්දනය සියයට සියයක් සාර්ථක නැහැ. එක එක රටවල්වල ඔවුන්ගේ ජනගහනය අනුව, ජනතාවගේ හැසිරීම් රටාව අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර රටවල සමාජීය ජීවිතයේ හැසිරීම් බලපානවා. අංක ගණිතමය විදියට සංසන්ඳනය නිවැරදිම නැහැ. 
 
කොහොම නමුත් ඉන්දියාවේ තත්වය බරපතළයි. ඉන්දියාවේ ඔක්සිජන් හිඟකම නිසා මිනිස්සු මැරෙනවා. ලංකාවේ අයිසීයූ අඳන් නැතුව මිනිස්සු මැරෙනවා. අවුරුදු 70කට වැඩි කාලයක් රට පාලනය කරලා ලංකාවෙම තියෙන්නේ අයිසීයූ අඳන් 700යි. අපේ සෞඛ්‍යය කොතැනද තියෙන්නේ. ඒ නිසා අනෙක් රටවල් සමඟ සංසන්දනය කරනවට වඩා අපේ රටේ ඇත්ත තත්වය සැලකිල්ලට ගන්න එක තමයි වැදගත්.''
 

 

 


 

THE LEADER TV 
 

සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ? 

 

රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්