ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.
ඔහු මෙතෙක් සේවය කළ 'සිරස' කැපිටල් මහාරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබා දී ඇති අතර අද (29) දහවල්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇත. 
 
ජනාධිපතිවරයා විසින් මෙලෙස ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරක් ස්ථාපිත කර ඒ සඳහා සුදුසු අයකු පත්කර ගනු  ලැබුවේ, මාධ්‍ය හමුවේ සිදුකරන ප්‍රකාශ සීමාකරන ලෙස ජනාධිපතිවරයාට ඔහුගේ සමීපතම මිතුරන් කිහිප දෙනෙකු විසින් කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගැනීමෙන් පසුව බව පැවසේ. 
 
මීට දින කිහිපයකට පෙර ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හෙට්ටිආරච්චි ද සිය ධූරයෙන් ඉවත්වී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ වැඩබාරගනු ලැබීය.
 
මෙසේ ජනාධිපති මාධ්‍ය අංශයේ අලුතින් පත්වීම් ලබාගත් දෙදෙනා ද කොළඹ ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයින් වීම විශේෂ කාරණයකි. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක ලේකම් සිට රජයේ ඉහල ම තනතුරු සඳහා පත්කරනු ලැබුවන්  බොහෝ දෙනෙකු කොළඹ ආනන්ද විදුහලේ ආදී ශිෂ්‍යයින් වේ. 
 
 
 
පුළුල් ප්‍රතිසංවිධානයක් !
 
 
 
ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ගේ උපදෙස් පරිදි සුදේව හෙට්ටිආරච්චි හා කිංස්ලි රත්නායක විසින් ඉදිරිදින කිහිපය තුලදී ජනාධිපති මාධ්‍ය අංශය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට ලක්කිරීමට නියමිතය. 
 
මෙතෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකව සිටි මොහාන් සමරනායකගේ හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නාලක කලුවැව ගේ  කාර්ය භාරය වී තිබුනේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය මත නිවේදන නිකුත් කිරීම පමණි. ඒ දෙදෙනාගෙන් කිසිවකුට යම් කරුණක් පැහැදිලි කර ගැනීමට හෝ ජනාධිපති හමුවීමට අවස්ථාවක් ලබාදී නොතිබිණ. 
 
කෙසේවුවද සුදේව හෙට්ටිආරච්චි හා කිංස්ලි රත්නායක යන අලුතින් පත්කල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාට මින් ඉදිරියේදී දිනපතා පෙරවරුවේ දී ජනාධිපති හමුවීමේ අවස්ථාව ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. මෙතෙක් ඒ මහගු අවස්ථාව ලැබී තිබුනේ ජනාධිපති ලේකම්, යුධ හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියා යන රජයේ නිලධාරීන් තිදෙනාට පමණි. 
 
 
###############
THE LEADER TV 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 
 
සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්