කොවිඩ් නිසා සිදුවන මරණ තව දුරටත් සාමාන්‍ය මරණ නොවන බවත්, මේවා මිනී මැරුම් බවත් ආණ්ඩුව මේවට වගකිව යුතු බවත් 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ' අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කර සිටියි.
 
 
 #  ලංකාවේ කොවිඩ් අවසන් වෙලා තිබුණේ නෑ. පරීක්ෂණ නතර කරලා තිබුණේ.
 
 
# ජනපතියි ඇමතිවරුයි කැඳයි පැණියි විකුණ විකුණ හිටියා.
 
 
# අපි ඉන්දියාව තත්වෙට යමින් ඉන්නේ කියලා කොවිඩ්භාර ඇමතිනිය කියනවා.
 
 
# විමල් වීරවංශ හදපු අයි. සී.යූ ඇඳන් කෝ.
 
 
# කොවිඩ් අරමුදලට මොකද උනේ . අය වැය වාර්තා කෝ.?
 
 
# කෙහෙළිය ඉන්දියානුවන් එන්නේ නෑ කිවුවට ඩොලර් 690 ජා ඇල කාමර දෙනවා.
 
 
# චන්න ජයසුමන “ස්පුට්නික්” එන්නත ගේන්න කිසිදු සාකච්ඡාවක් කරලා නැහැ.
 
 
# ලලිත් වීරතුංග එන්නත් මාත්‍රා දෙක අතර පරතරය කියන්න කරපු පරීක්ෂණය මොකක්ද?
 
 
# වෛද්‍යවරු ඔක්ෂිජන් නෑ කියද්දි සෞ.සේ. අ. ජ. අසේල ගුණරත්න තියෙනවා කියනවා.
 
 
# අයි.සී.යූ. ඇඳන් තියෙන්නේ 623යි. කොවිඩ් රෝගීන් සදහා වෙන්කරලා තියෙන්නේ 104යි.
 
 
ආණ්ඩුව විසින් බුලත් දී කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත කරගත් බවත් මේ සිදුවන කොවිඩ් මරණ තව දුරටත් මරණ නොව මිනී මැරුම් බවත් රජයේ කොවිඩ් සම්බන්ධ නිසි වැඩ පිලිවෙළක් නොමැතිකම සහ සිතාමතාම සිදුකරන වැඩ හේතුවෙන් මෙම කොවිඩ් ව්‍යාප්තිය සහ මරණ සිදුවන බවට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (28) මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කළේය. 
 
ඉහතින් දක්වා ඇත්තේ මෙම මාධ්‍ය හමුවේදී  ඔහු දැක්වූ මූලික කරුණු lankanewscolumn.lk වෙබ් අඩවිය විසින් ඉස්මතු කරමින් වාර්තා කර ඇති ආකාරයයි.   
 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මෙසේ සදහන් කළේය.
 
 
“සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර කොවිඩ් සම්බන්ධ නීති රෙගුලාසි පනවන්න කියලා අදාල අංශ ජනාධිපතිවරයාට නිර්දේශ කලත් ඔහු කියලා තිබුණේ මිනිස්සුනට අවුරුද්ද සමරන්න දෙන්න ඊට පස්සේ බලමු කියලා.
 
 එහෙම කියලා අලුත් අවුරුද්ද වෙනුවෙන් ආණ්ඩුව විසින්ම රැල්ලක් හදලා තමයි රට මේ තරම් අවධානමකට රට පත්කරන්න කටයුතු කරලා තියෙන්නේ. රට දැන් පත්වෙලා තියෙන තත්වෙට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු සෘජුවම වගකිව යුතුයි.
 
 
මේ වෙනකොට වෛද්‍යවරු 20 පමණ කොවිඩ් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. දැඩි සත්කාර ඇඳන් අඩුයි ස්වශන ආදාරක අඩුයි ඉදිරියේදී සෞඛ්‍ය සේවකයන් සේවයට වාර්තා නොකිරීම සදහා තීරණයක් මේ වන විට අරන් තියෙනවා. 
 
 
 
ආණ්ඩුවේ නිසි වැඩ පිළිවෙළක් නොමැති කමේ ප්‍රතිපල තමයි මේ ජනතාවට භුක්ති විදින්න වෙලා තියෙන්නේ. එන්නත් මාත්‍රා 12,40,000 ගෙනවලා එකෙන් 9.25,000  එන්නත් කරලා දැන් දෙවෙනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් එන්නත් නැහැ. මේ තරම් සරල දෙයක්වත් කළමනාකරණයකර ගන්න බැරි පාලකයෝ ඉන්නේ...
 
ලෝකේ කොහේවත් කියලා නැහැ එන්නත් මාත්‍රා දෙක අතර මෙතරම් කාලයක් තියන්න කියලා. ඔවුන් කියලා තියෙන්නේ සති දෙකක කාලක් පමණයි. දැන් මාස 03ත් පැනලා. එක එක්කෙනා ඇවිල්ලා අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා මේ ප්‍රශ්න විසදන්න බැහැ. 
 
 
 38c19634 5dcd1db4 lalith weeratunga 850x460 acf cropped
                                ලලිත් වීරතුංග 
 
 
ලොකේ කිසිම විශේෂඥයෙක් කියලා නැහැ එන්නත් දෙක අතර මෙතරම් පරතරයක් තියන්න කියලා. ලලිත් වීරතුංග කවුද එන්නත් මාත්‍රා දෙක අතර පරතරය තීරණය කරන්න. මොකක්ද කරපු පරීක්ෂණය කොහේද කලේ.
 
පසුගිය කාලේ රතු වරෙන්තු කාරයෙක් වෙච්ච උදයංග වීරතුංග ඇවිල්ලා සංචාරක බුබුලක් කියලා මේකේ කොරෝනා ව්‍යාප්තකලා. 
 
දැන් ඉන්දියාවෙන් සංචාරක බුබුළු කියලා මේ එන්නේ ඉන්දියාවේ ධනවතුන්. එහේ වසංගතය දරුනුම තත්වයට ඇවිල්ලා තියෙන නිසා. දැන් ඔවුන්ගෙන් වෛරසය බෝ වීමේ අවධානමක් නැද්ද. ඔවුන් ලංකාව ඇතුළු තවත් රටවලට පනිමින් ඉන්නේ ඔවුන්ගේ රටේ දුප්පතුන් දැන් මිය යමින් සිටන්නේ කිසිදු පිළිසරණක් නොමැතිව.
 
 අපේ රටේ දුප්පත් ජනතාවටත් ඉදිරියේදී කොවිඩ් වැලදිලා තත්වය දරුණු උනොත් වෙන්නේ ඔය ටිකම තමයි.
 
 
 
ඒ නිසා අපි ජනතාවට කියනවා පරිස්සම් වෙන්න කියලා මේ ආණ්ඩුවෙන් හෝ අදාල බලධාරීන් ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා. මේ ආන්ඩුව සහ ඇමතිවරු බොහෝමයක් කොරෝනාව බිස්නස් එකක් කර ගෙන තියෙන්නේ ඒක නිසා තමන්ගේ ආක්ෂාව ගැන වඩාත්  සැලකිලිමත්ව කටයුතු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.”
 

 
 
රෝහල්වල දැඩි සත්කාර ඒකක "උපරිම ධාරිතාවට ළඟා වෙයි"
 
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද 'බීබීසී සිංහල සේවය'ට කියා සිටියේ, ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඇති දැඩි සත්කාර ඒකක මේ වනවිට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බවයි.
 
දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 600 -700 අතර අගයක පවතී. කොවිඩ් රෝගීන් මෙන්ම වෙනත් රෝගීහු ද එම දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.
 
 
 
 
දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාවනැල්ල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සහෝදරයෙකු මිය යෑමේ සිදුවීමක් අප්‍රේල් 25 දින වාර්තා විය.
 

 
 
කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් එකසිය තිස්ගනණක් වෙන්කර ඇති අතර දැනට පවතින අඩුපාඩු සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියාය.
 
මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් පැතිරී යන කොරෝනා වෛරසය එංගලන්තයේ දක්නට ලැබෙන B 1 1 7 ප්‍රභේදය බවට පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
 
කොරෝනා වෛරසයේ සාමාන්‍ය ප්‍රභේදයට වඩා එමගින් මරණ සිදුවීම 55% දක්වා ඉහළ අගයක පවතී. එමෙන්ම කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
 
(lankanewscolumn.lk)  
 
 

THE LEADER TV 
 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 

 
සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්