මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට ජාතියක් ලෙස අප සාර්ථකව මුහුණදීමට නම් ජාති, ආගම් සහ දේශපාලන
වැනි සියලු ආකාරයේ භේද බැහැර කරමින් එකට අත්වැල් බැඳ ගැනීම සෑම පාර්ශවයකම වගකීම බවත්, සමස්ත ජනතාවගේම පරම යුතුකම එය බවත් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසූරිය පවසයි. 
 
කොවිඩ් රැල්ලක් යළි හිස එසවීමේ අවධානම පෙන්වා දෙමින් හිටපු කතානායක කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
රටේ ජන ජීවිතයේ සුරක්ෂිතභාවයද ඇතුලු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ද විධිමත් අවධානයක් යොමුකරවමින් රටේත් ජනතාවගේත් යහපත උදෙසා අවශ්‍ය කටයුතු නොපමාව සිදුකරන ලෙස ඔහු සිය නිවේදනය මගින් රජයෙන් ඉල්ලා සිටියි.
 
අප එක්සත් වූ විට, සමගිසම්පන්න වූ විට ඕනෑම අභියෝගයකට අපිට මුහුණ දිය හැකිබව පෙන්වාදෙන හිටපු කතානායකවරයා,  ඒ සඳහා ජනාධිපතිවරයා නායකත්වය දියයුතු බවත් විනාශ වූ රටවල් ගොඩනැගෙන්නේ ඒ අයුරින් බවත් සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි. 
  
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිට අප රට මුහුණ දී ඇති බරපතල අභියෝගය කිසිදු පාර්ශවයක් විසින් හෝ සුළුකොට තැකිය යුතු නොවන බව පෙන්වාදෙන කරු ජයසුරිය, එහිදී රජය තම වගකීම නිවැරදිව හඳුනාගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ප්‍රමුඛතම අවධානයක් යොමුකල යුතුව තිබෙන බව කියා සිටියි.
 
ජන ජීවිතයේ යහපැවැත්ම පිළිබඳව මෙන්ම මෙවැනි වසංගත තත්වයක් හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි අභියෝගය පිළිබඳව ද එහිදී  ප්‍රමාණවත් අවධානයක් යොමුකල යුතුව තිබෙන බව කරු ජයසුරිය සිය නිවේදනය මගින් රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකර ඇත.
 
 India Covid
ඉන්දියාව අදවනවිට මුහුණදී ඇති අවාසනාවන්ත තත්වය
 
 
හිටපු කතානායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''මේ රටේ සෞඛ්‍ය බළධාරීන් මෙන්ම වසංගත රෝග විශේෂඥයන්ද අනතුරු අඟවා ඇති ආකාරයට මෙම වසංගත තත්වය රට පුරා වේගයෙන් පැතිර යන ප්‍රවණතාවයක් පවතී. 
 
විශේෂයෙන්ම අපගේ අසල්වැසි මිත්‍රරාජ්‍යයක් වන ඉන්දියාව අදවනවිට මුහුණදී ඇති අවාසනාවන්ත තත්වයද සැලකිල්ලට ගනිමින් අප රටතුළ එවැන්නක් නිර්මාණය නොවීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන්ගේ ප්‍රථම වගකීම වී තිබේ.
 
  
එමෙන්ම මිලියන 21ක් පමණ වන අප රටේ ජනතාවට එහිදී යම් හෝ ආරක්ෂාවක් සහතික කිරීමට නම් එන්නත්කරණ ක්‍රියාවලිය සක්‍රීය කළයුතු මොහොතකට අපි එළඹ සිටින්නෙමු. 
  
සෞඛ්‍ය බළධාරීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට රටක් ලෙස අප සතුව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකි. පලමු එන්නත් මාත්‍රාව ලබාදුන් ලක්ෂ 9කට ආසන්න පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදිය යුතුව ඇති මොහොතක දැනට අප සතුව පවත්නා එන්නත් මාත්‍රා ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලිය.''
 
 
 ඒ අනුව රජය කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග සපුරාලිය යුතුව තිබෙන බව පෙන්වාදෙන කරු ජයසුරිය,  එමෙන්ම රෝහල් පද්ධතිය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ලබාදෙමින් මතුවිය හැකි කුමන හෝ තත්වයකට පවා සාර්ථකව මුහුණදීම උදෙසා සියලුම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුව තිබෙන බවත්  එය ඒ ආකාරයටම සිදුවනු ඇතැයි ප්‍රාර්ථනා කරන්න බවත් කියා සිටියි.
 
එමෙන්ම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකට ජාතියක් ලෙස අප සාර්ථකව මුහුණදීමට නම් ජාති, ආගම් සහ දේශපාලන වැනි සියලු ආකාරයේ භේද බැහැර කරමින් එකට අත්වැල් බැඳ ගැනීම සෑම පාර්ශවයකම වගකීම බව පෙන්වාදෙන හිටපු කතානායකවරයා,  සමස්ත ජනතාවගේම පරම යුතුකම එය බව අවධාරණය කර සිටියි.
  
එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ පවසයි.
  
''එහිදී එම ආදර්ශය පලමුව ලබාදෙමින් ඒ සඳහා ප්‍රවේශ වියයුත්තේ රටේ පාලක පක්ෂය ය සහ රාජ්‍ය නායකත්වයයි. ඒ අනුව දේශපාලනික වශයෙන් සිදුකරන්නා වූ සියලුම ආකාරයේ පලිගැනීම් නවතා සියල්ලන් වෙතම මිත්‍රත්වයේ අස්තිය දිගු කිරීම ප්‍රථමයෙන්ම සිදුවිය යුතුව තිබේ.
 
එහෙත් එවැනි පරිසරයක් නිර්මාණය කරගත යුතුව තිබීයදීත් රටේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබදව අපතුළ දන්වන්නේ බලවත් සංවේගයකි. 
 
දින කිහිපයකින් ශල්‍යකර්මයකට මුහුණ දෙනු පිණිස රෝහල් ගතව ප්‍රතිකාර ලබාගනිමින් සිටින හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහෝදරිය පසුගියදා පොලීසියට කැඳවා ගනිමින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කිරීමට බඳුන් කිරීම ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනකි. එම ක්‍රියාව කිසිසේත්ම සදාචාර සම්පන්න ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය. මෙය මිනිස් අයිතිවාසිකම් පැහැරගැනීමකි.
 
 Rishad Arrested
''රිෂාඩ් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී අදාල අංශ හැසිරී ඇති ආකාරය සම්ප්‍රදාය විරෝධීයි.'' 
 
 
එමෙන්ම රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාට අදාළව කටයුතු සිදුවෙමින් පවතින ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද දැකිය හැකිවන්නේ එවැනිම වූ තත්වයකි. ඔහු මෙයට පෙර අවස්ථා ගණනාවකදීම අත්අඩංගුවට ගෙන මුදාහැර තිබේ. 
 
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබදව කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශණ කොමිෂන් සභා වාර්තාව අනුවද ඔහුට එරෙහිව නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් වී ඇති ආකාරයක් දක්නට නොමැති පරිසරයක් තුළ ඔහුට එරෙහිව මේ මොහොතේ යම් චෝදනාවක් නැඟීමට සාධාරණ හේතු ඇත්නම් එය නොපමාව අධිකරණයක් හමුවට යොමුකරමින් සාධාරණ නඩු විභාගයකට අවස්ථාව සලසාදීම අදාල බලධාරීන්ගේ වගකීමකි. 
  
එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීමේදී අදාල අංශ හැසිරී ඇති සම්ප්‍රදාය විරෝධී ආකාරය සැලකිල්ලට ගැනීමේදී ද ඒ පිළිබදව කිසිසේත්ම සතුටුවිය නොහැකිය. අළුයම 02.00 ට පමණ කථානායකවරයා දැණුවත් නොකර මෙවන් ක්‍රියාවක් සිදු කිරීම ට කරුණු පැහැදිලි කළ යුතුය.
 
 එය පැහැදිලි ලෙසම පාර්ලිමේන්තුවට ද කරන ලද අපහාසයක් ලෙස සැලකිය හැකිය. කතානායකවරයාට ද එමඟින් බරපතල අවමානයක් සිදුකර තිබේ. මෙවැනි අමනෝඥ ක්‍රියාවන් මඟින් සිදුවන්නේ ත්‍රස්තවාදයට එරෙහිව මේ රටේ ආරක්ෂක අංශ හා යුක්තිය පසඳලීමට මැදිහත්වන ආයතන ගන්නා යහපත් ක්‍රියාමාර්ගයන්ද හෑල්ලුවට ලක්වීමය. සැකයට බදුන්වීමය. 
 
ඒ අනුව අප රටේ සියලුම පාර්ශවයන්ගෙන් ඉතාමත්ම වගකීමකින් යුතුව ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය ද  ඇතුලුව මේ රටේ සිදුවූ බරපතල අපරාධයන්ට අදාල වූ සිදුකරන්නා වූ විමර්ශණ හා අනෙකුත් සියලුම නෛතික ක්‍රියාමාර්ග සමඟ පටු දේශපාලන අරමුණු එක්කර නොගන්නා ලෙසය.''
 

 

 

 


 

THE LEADER TV 
 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 

 
සුදේවට ආශ්චර්යක් කරන්න පුළුවන් වෙයිද ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්