සැපයුම් පද්ධතිය කළමණාකරනයේ පවතින දුර්වලතා හේතුවෙන් කොරෝනා රෝග පාලනයට
අවශ්‍ය විද්‍යාත්මක දත්ත සපයන රසායනාගාර සේවාව අකර්මණ්‍ය  වීමේ අනතුරකට මුහුණ දී තිබෙන බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ.
 
තුන්වැනි කොරෝනා රැල්ලේදී රසායනාගාර සේවාව අකර්මණ්‍ය කරමින් හා එහි නියමාකාර ප්‍රයෝජන නොගැනීමෙන් රටක් හා ජාතියක් ලෙස නැවත නිවැරදි කළ නොහැකි වරදක් සිදු වෙන්නට ඉඩ හැරීම ඉතාමත් භයානක විය හැකි බවයි රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය පවසන්නේ.
 
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් එම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමිනි.
 
 ravik
රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ්
 
තුන්වැනි කොරෝනා රැල්ල ලෙසින් හදුන්වන වර්තමාන කොරෝනා තත්වය හමුවේත් රසායනාගාර සේවාවේ අඩුපාඩු පිළිබදව නිසි අධ්‍යයනයක් සිදු කරමින් කඩිනමින් ගතයුතු පියවර මොනවාද යන්න හදුනාගැනීම සිදු කළ යුතු බව වෘත්තිය සමිති නායකයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
  
ඔහු සිය ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මේ වන විටත් PCR පරීක්ෂණ සදහා රජයේ රසායනාගාර වෙත ලැබෙමින් පවතින ප්‍රතික්‍රීයක කට්ටල වල පවතින ගැටළු හා දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී එක් රසායනාගාරයකින් පොසිටිව් ලෙස හදුන්වන පුද්ගලයෙක් තවත් රසායනාගාරයකිදී නෙගටිව් ලෙස හදුන්වා දීමේ පුර්ව අවදානමක් මතුව ඇති බවයි.
 
එබැවින් රජයේ රසායනාගාර වාර්තා පිළිබදව මෙතෙක් මහජනතාව තුළ පැවැති විශ්වාසය බිදී යෑම තුළ කොරෝනා වසංගතය තවත් දරුණු අඩියකට වැටීමේ අවදානමක් ඇති බවටත් රවී කුමුදේශ් ජනාධිපතිවරයාට අනතුරු අගවා තිබේ.
 
එකී දුර්වලතා මැඩපවත්වමින් හා රසායනාගාර සේවාවේ විශ්වාසනීයත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ජාතික වශයෙන් විසදුම් ලබා දීම සදහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයද ඇතුලත් වන සේ රසායනාගාර සේවාවේ සියළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ජාතික කමිටුවක් කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන ලෙස රවී කුමුදේශ් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
  
" එසේ නොවන්නේ නම්, මෙකී යෝජනා නොසලකා හරිමින් කටයුතු කරන නිලධාරීන් රසායනාගාර සේවාවේ ඉදිරි අඩාලවීම් සදහා වගකිව යුතු බවද අවධාරණය කර සිටිමු. "
 
රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( රසායනාගාර සේවා), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( වෛද්‍ය සැපයුම්) හා අධ්‍යක්ෂ ( රසායනාගාර සේවා) වෙතත් යොමු කර තිබේ.
 

 

 

 


 

THE LEADER TV 
 
 එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්

 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්