අගනගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති දෙමළ මාධ්‍යවේදියකුගේ
දහසය වැනි ගුණානුස්මරණය මඩකලපුවේදී පවත්වා තිබේ.
 
මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අප්‍රේල් 29 බදාදා සමරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම් ගේ ගුණ අනුස්මරණයයි.
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් මාලයක් පළදා මලින් පහනින් ඔහුට ගෞරව දැක්වීමට මඩකලපුව දෙමළ  මාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබුනි.
 

Shiva

 
එම අවස්ථාවට එක්ව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්ද්‍රන් පවසා සිටියේ ධර්මරත්නම්  සිවරාම් ඝාතනයට ලක්වී දහසය වසරක් ගතවී ඇතත් ඔහුට මේ තාක් යුක්තිය ඉටු වී නොමැති බවයි.
 
මේ වන විටත් රටේ  මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තම රාජකාරිය ඉටු කරන්නේ තර්ජන මධ්‍යයේ බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
 
 
ආරක්ෂා සහිත ඝාතනයක්
 
Tharaki
 
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැර ගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනෙකු විසිනි.  
  
ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවරේ අධි ආරක්ෂක කලාපයේ දී ය.  ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.
 
ඝාතනයට ලක්වන විට සුප්‍රකට 'ටැමිල් නෙට්' වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය. 
 
1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්‘ , ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.
 
 
 
තරාකී
 
1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.
 
ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් උප සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. නමුත් දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් දිගින් දිගටම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.

 


 

THE LEADER TV 
 
කොවිඩ් නිසා දැන් සිද්දවෙන්නේ මිනී මැරුම්?
 

 
සුදු වෙන්න ගිහින් තියෙන පාටත් නැති වෙන ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආලේපන වෙළඳපොලේ 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්