රටේ ලක්ෂයකට අධික සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් සියයට හැටක්ම හමුවී ඇති
බස්නාහිර පලාතේ පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හඳුනාගෙන තිබෙන ආසාදිතයන්ගෙන් පහෙන් පංගුවක් වාර්තා වී තිබේ.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,029 කි.
එය මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාවෙන් පහෙන් එකක් බවයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසන්නේ.
පවතින කොරෝනා තත්වය පාලනය කිරීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
රජය අප්‍රේල් 30 සිකුරාදා රාත්‍රී නිවේදනය කර තිබුනේ මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 101,658 ක් බවයි.
රටේ මේ වන විට පවතින කෝවිඩ් අවදානමට මුහුණ දීම සදහා ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කරන බව රජය නිවේදනය කර තිබේ.
දැනට වසා දමා ඇති ඇඟළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා ගැනීමට අපේක්ෂිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජය වැඩි දුරටත් පවසන්නේ මීට අමතරව කටුනායක සහ මීරිගම ප්‍ර දේශ වල වසා දමා ඇති කර්මාන්තශාලා දෙකක ගොඩනැගිලි ද ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා ලබා ගැනීමට තීරණය කරඇති බවයි.
වර්ධනය වෙමින් පවතින කෝවිඩ් තත්ත්වයට මුහුණ දීම සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් දිස්ත්‍රික්කය තුළ පිහිටූවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැරැල්ලවත්ත, මීරිගම හා කටුනායක වසා දමා ඇති කර්මාන්තශාලා තුනක් මේ සදහා හඳුනාගෙන ඇතැයි වැඩි දුරටත් පවසා තිබේ.
යෝජිත වැරැල්ලවත්ත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා නාවික හමුදාව දැනටමත් සිය සහාය පළ කර ඇතැයි ද එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.
රාජ්‍ය ඇමතිණි සුදර්ශීණි ප්‍රනාන්දුපුල්ලේ, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වී ඇත.
THE LEADER TV
සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?
ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්!