කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට ජපානයෙන් vaccine carriers (Cold Box) 500 ක පරිත්‍යාගයක්.
 
මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජයේ අධාර යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල (UNICEF) සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් Medical Protable Freeze free vaccine carriers (Cold Box - සීතල දාම ආධාරක උපකරණ) 500 සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද දින (01) ප්‍රදානය කෙරිනි.
 
කොළඹ පිහිටි යුනිසෙෆ් ප්‍රධාන කාර්යාලයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ශ්‍රී ලංකා ජපන් තානාපති Sugiyama Akira විසින් මෙම පරිත්‍යාගය සංකේතාක්මකව ලබාදෙන ලදි.
 
 
 
දෙවන අදියර යටතේ vaccine carriers (Cold Box) 750 ක් 
 
මෙහි දෙවන අදියර යටතේ ඉදිරියේ දී Medical Protable Freeze free vaccine carriers (Cold Box) 750 ක් ලබාදීමට ද නියමිතය.
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (MOH) සිට ක්ෂේත්‍රයේ දී එන්නත්කරණ අවස්ථාවන් දක්වා ආරක්ෂිතව, නියමිත උෂ්ණත්වය යටතේ මෙම vaccine carriers මගින් එන්නත් රැගෙන යාම සිදු කළ හැක.
 
මෙම ප්‍රදානය ලබාගනිමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය,
 
 “සීතල දාම ආධාරක උපකරණවල පළමු තොඟය අද “Vaccine Carriers” මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත ලබාදීමට කටයුතු කිරීම මගින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කිරීමට හැකිවෙනවා. මේ සදහා ප්‍රතිපාදන ලබාදීම පිළිබඳව ජපාන රජයට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ස්තූතිය පුද කරනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මිත්‍රත්ත්වයක් පවතිනවා. අප රටට සහයෝගය දැක්වීමට කිසි විටෙකත් ජපන් රජය පසුබට නොවන බව අප හොදටම දන්නා කාරණයක්. මෙම උපකරණ ලබාදීම සදහා සම්බන්ධීකරණ කටයුතු කළ යුනිසෙෆ් ආයතනයට ද මම විශේෂ ස්තූතිය පුද කරනවා. මෙලෙස ලබාදෙන ප්‍රදානයන් සහ සහයෝගයන් මත COVID-19 මර්දන වැඩපිළිවෙල ශක්තිමක් කිරීමට රජය කටයුතු කරනු ලබනවා.”
 
මෙම අවස්ථාව යුනිසෙෆ් අරමුදලේ මෙරට නේවාසික නියෝජිත Emma Brigham, සන්නිවේදන අංශ ප්‍රධානී Bismarck swangin, සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී වෛද්‍ය ධම්මිකා රොවෙල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග එක්ව සිටියහ.

WhatsApp Image 2021 04 30 at 15.20.52

 
 
 
###############

 

 

THE LEADER TV 
 

 

සුදේවලා කිංස්ලා දාගත්ත කියලා ගොඩදාගන්න පුලුවන් වෙයිද 'ස' ?

 

ගැබිණි අම්මලාට වැඩි අවදානමක්! විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්